2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ගුවන් සහ දුම්රිය අනතුරු බහුල වේ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

1999.12.31 දින නව ශත වර්ෂය උදාවිය. එදා පිහිටි ග්‍රහ සිත්තමට 2021.02.12 දින රාත්‍රී 09.12ට කුම්භ රවිය ආරම්භ වීමේ තත්කාල ග්‍රහ ගෝචරය අරෝපිත විය. ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් ලෝකායතන ජ්‍යොතිෂයට අනුව සිදුකරනු ලබන පලාඵල අනාවැකි කථනයේදී දිශා චක්‍රය පරිශීලනය කරන විට ආරම්භක සහ ගෝචර කුජගෙන් ගෝචර චන්ද්‍රයා දූෂණය වන්නේය.

මෙම පිහිටීම නිසා බෝවන වසංගත රෝග තත්ත්වය නව ව්‍යාප්තියකින් යුක්තව ලෝක ප්‍රජාව බිලිගනු ලබනවා ඇත. පවතින වෛරසය නව ප්‍රභේදවලින් මතු වී මනුෂ්‍ය ශරීරයේ ආගන්තුක විෂක් පරිසරය පුරා විහිදෙනු ඇත. එවිට සම ආසාදනය වී කැසීම, චර්ම රෝගයක් ව්‍යාප්ත වීම, සිහිසුන් වීම, නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගැනීම වැනි දේට මුහුණදීමට මනුෂ්‍ය ප්‍රජාවට සිදුවනු ඇත.

තවද නාවික හමුදාව ලබා සිටින කීර්ති නාමයට හානිකර සිදුවීම් ව්‍යාප්ත වන ග්‍රහ පිහිටීම උත්සන්න වන නිසා සියලු වගකිවයුතු අංශ නාවික හමුදාවේ කිර්තිය රැකගැනිමට වග බලාගත යුතුව ඇත.

ගෝචර නීච ගුරු ග්‍රහයා, ශනි, ශුක්‍ර, බුධ සමඟ එකතු වී ශත වර්ෂය ආරම්භක ශනි, රාහු, යුරේනස්, නැප්චූන් සමඟ දිශාගත දෝෂයට මුහුණදීම නිසා සමාජධාරීන්ගේ මානසිකත්වය හෙල්ලුම් කෑමට පසුබිම් සකසනු ඇත.

මේ නිසා අධ්‍යාපන කටයුතු අවුල් කෙරේ. විශේෂයෙන් ආගමික අධ්‍යාපනයට විවිධ විනාශකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේය. එවැනි විවිධ විද්‍යායතනවලට පවා ස්වභාවික විපත්ති මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන විපත්තීන්ද ව්‍යාප්ත වන්නේය.

මෙම තත්ත්වය හමුවේ කලා ක්ෂේත්‍රයද හෙල්ලුම් කන්නේය. වටිනා කලා කෘති අරභයා නීතිමය කරදර උද්ගත වනු ඇත. අයහපත් ග්‍රහ දශා ගෙවන කලාකරුවන්ට පවා මාරක විපත්ති උද්ගත වනු ඇත. ස්ත්‍රීන් සහ ළමුන් විනාශකාරී අපචාරවලට ගොදුරු වෙනවා ඇත. සියලු වගකිවයුතු අංශ ඔවුන් රුකගැනීමට කල්තියාම සැලසුම් සකස් කර ගැනීම මැනවි.

ගෝචර රවි ග්‍රහයා සහ කුජ ග්‍රහයා සම සප්තම වී ශතවර්ෂාරම්භ ශනි+කුජ දිශා අක්ෂයේ ගෝචරය වන්නේය. මෙම පිහිටීම තුළින් මනුසිත කුපිත කිරීම පිණිස විවිධ පසුබිම් නිර්මාණය වන්නේය.

අයහපත් දශානුදශා ගෙවමින් සිටිනු ලබන උසස් රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ජනී ජනයාට විපත්තිකර තත්ත්වයන්ට ස්වභාවික මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් මත සක්‍රීය වන විනාශකාරී කුපිතවීම්වලට මුහුණදීමට සිදුවේ.

මේ අනුව ගිනි විපත්ති ඉහළ යයි. ජනයා ගැවසෙන ස්ථාන, ගොඩනැගිලි ආදිය ඉලක්ක වී පිපිරීම්, ගිනි ගැනීම් ජීවිත හා දේපල හානි සිදුවීමේ පසුබිම් නිර්මාණය වන්නේය. එමෙන්ම ඉන්ධන, ගෑස් හා සම්බන්ධ හිමිකරුවන්ද අපහසුතාවයන්ට පත්වීමට නියමිතය. මාරක ගුවන් අනතුරක් සිදුවේ. ඒ නිසා යානාව ගුවන්ගත කරන විට තත්ත්ව පරීක්ෂණ සිදුකරනවා සේම සුබ මොහොතක් ජ්‍යොතිර්වේදියකුගෙන් ලබාගෙන කටයුතු කිරීමද යෙහෙකි. සංඥා අතපසුවීම් මුල් කරගෙන දුම්රිය මාර්ගයක සිදුවන අසාමාන්‍යතාවයක්ද රේල් ගේට්ටුවල පවතින අක්‍රීය තත්ත්වයක්ද නිලධාරී නොසැළකිල්ලක්ද පීඩාවට ලක් වන්නේය. 

ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට විශ්වාස කරන්න. බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රිමූර්තියේ ආරක්ෂාව පතා යටි සිත අවදිවන සුවිශේෂී භාවනා වරමින් සන්නද්ධ වන්න. පංචස්කන්ධය ආරක්ෂා කෙරෙන &ජලබල පිරිතෙන්* බලගැන්වූ දියර පානය කරන්න. තමා උපන් පරම්පරාවේ විවිධ ආත්ම ලබා සිටින මුතුන් මිත්තන්ගේ ආශීර්වාදය පතන්න.

තාරකා විද්‍යා ලේඛක සහ දේශක
සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00