2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ආගමික නායකයකුගේ අභාවයක්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

2021 ජනවාරි මස 21 වැනි ගුරු දින පාන්දර දෙක පසුවී විනාඩි 8ට වසරේ සිදුවන බිහිසුණුම ග්‍රහ යුද සංග්‍රාමය සිදුවනු ඇත. අඟහරු ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර වූ මේෂ රාශියෙහි බලවත් ගමනක යෙදී සිටිද්දී අස්විද නැකතේ 4 වැනි පාදයේදී මේෂ රාශියෙහිම ගමන් කරන යුරේනස් සමඟ යුද සංග්‍රාමයක නිරත වේ. අඟහරුත් යුරේනසුත් බිහිසුණු සිදුවීම් ඇතිකරන්නා වූ ග්‍රහයන් බැවින් මෙම යුද සංග්‍රාමයෙන් කුජත් යුරේනසුත් පීඩාවට පත්වීමෙන් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ල වනු ඇත. මෙහි අයහපත් ඵල ඉදිරි දින 60ක් යනතුරු පවතිනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මාර්ග අනතුරු වර්ධනය වන අතර බිහිසුණු බස් රථ, මෝටර් රථ, දුම්රිය අනතුරු ඇතිවනු ඇත. සැහැල්ලු ගුවන්යානා අනතුරක්ද විය හැක. විශේෂයෙන් මහ මඟ ගමන් යන අය ඉතා කල්පනාකාරී විය යුතු අතර මෙම කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් ජීවිත විශාල ලෙස විනාශ වන කාලයකි. වාහන ගිනිගැනීම් ද, තෙල් ගබඩා, ආයුධ ගබඩා, හදිසි ගිනි ගැනීම්වලට ලක්වීමත්, මිනිසුන්ගේ ලේ ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝග තත්ත්වයක් ප්‍රචලිත වීමත් සිදුවේ. ආගමික නායකයකුගේ අභාවයක්ද වාර්තා වන අතර, රාජ්‍ය නායකත්වයට අයහපත් ලෙස බලපෑම් එල්ල වනවා ඇත.

මේෂ - ඉඩකඩම් ලාභ

ඔබට අයහපත් නොවන නමුත් ඔබගේ ශරීරයේ පැවතියා වූ ඌෂ්ණ අධික ගතිය ඉවත්ව යනු ඇත. අලුතින් ඉඩකඩම් මිලදී ගැනීමකට ශුභ වන කාලයක් වේ. හදිසි කේන්ති ගතිද ඇතිවනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යන කාලයක් ද වේ.

වෘෂභ - දුර ගමන්

තාක්ෂණික අංශයේ කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. යම් යම් ආරංචි නිසා බියට පත්වීම් ද වන කාලයක් වේ. දුර ගමන් සඳහා පැවති බාධා දුරු වී යනු ඇත.

මිථුන - සතුරන් පසුබසී

රථවාහනවල කටයුතු කරන අයට ඉතා ශුභ ඵල අත්වන අතර ඔබගේ ධනය රුකගෙන කටයුතු කිරීමට ද හැකියාව ලැබෙනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ශන බැඳීම් ද ඇතිවනු ඇත. ඔබට එරෙහි සතුරු කරදර මර්දනය කරගත හැකි කාලයක් ද වේ.

කටක - නව රැකියා

ඔබගේ සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලු මගහැරී යනු ඇත. නව රුකියාවක් අපේක්ෂා කරන අයකු නම් තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. ඉඩකඩම් මිලදී ගැනීමකටද යහපත් වන්නා වූ කාලයක් වේ.

සිංහ - බියට පත්වේ

ඔබගේ යම් යම් බලාපොරොත්තු කඩවී යන කාලයක් වේ. තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ. යම්කිසි ආරංචියක් නිසා බියට පත්වීමක් ද වන සමයක් වේ.

කන්‍යා - ශරීර පීඩා

ළඟින් ඇසුරු කරන අයකුගෙන් ඔබට ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. තම දේ රුකගෙන කටයුතු කිරීමට පෙළඹෙන අතර, තමන් කිරීමට යන කටයුතුවලට ද බාධා ඇතිවන හදිසි ශරීර පීඩා ද මතුවනවා ඇත.

තුලා - කටයුතු සාර්ථකයි

පවුල් දිවියේ සමගියට බාධා මතුවන අතර, ඔබගේ උත්සාහය මත කටයුතු සාර්ථක කර ගන්නාවූත් කාලයක් වේ. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන අතර, උදරය ආශ්‍රිත පීඩාවක් මතු වේ.

වෘශ්චික - කේන්ති ගති

ඔබට එරෙහිව පැවතියා වූ සතුරු පීඩා මගහැරී යනු ඇත. යම් යම් කටයුතු ඉටුකර ගැනීමේදී බාධා ඇතිවීම් ද වේ. හදිසි කේන්ති ගති ද ඇතිවේ. ඔබට යම් ආරංචියක් නිසා බිය වීමක් ද සිදුවන කාලයකි.

ධනු - රථවාහන හිමිකම්

විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන සමයකි. මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ද ඇතිවනු ඇත. රථවාහන ආශ්‍රිතව ධනයක් හිමිවන අතර, මුත්‍රා පීඩාවක් ද ඇතිවන කාලයක් වේ.

මකර - දේපල මිලට ගනී

අලුත් ඉඩමක් මිලදී ගැනීමට හෝ පවතින දේපලක ප්‍රශ්නයක් නිරවුල් කර ගැනීමට හෝ ලැබේ. ශුභ ඵල අත්වන කාලයක් වේ. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන අතර, හදිසි කේන්ති ගති පාලනය කරගත යුතුය.

කුම්භ - ගැටලු ලිහේ

තාක්ෂණික කාර්මික අංශවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග මර්දනය කරගත හැකි වන අතර, සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත.

මීන - කටයුතුවලට බාධා

තම දේවල් රැකගෙන කටයුතු කරන කාලයක් වන අතර, හදිසි ශරීර පීඩා ඇතිවීම් වේ. මිතුරන්ගෙන් තමා හට ප්‍රශ්න ඇතිවිය හැකි අතර, තමන් කිරීමට යන කටයුතු  සඳහා ද බාධාවීම් ඇතිවනු ඇත.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00