2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මේසේ උඩ පාපන්දු පිටිය foosball

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 55

foosball එහෙමත් නැත්නම් Table Soccer කියන්නේ සමහර වෙලාවට හොලිවුඩ් චිත්‍රපට එහෙම නරඹද්දි දකින්න පුළුවන් විනෝද ජනක ක්‍රීඩාවක්. මේක හරියට පාපන්දු පිටියක් මේසයක් උඩට ගෙනාවා වගේ වැඩක්. එහෙමත් නැත්නම් පරිගණකය ඔස්සේ පාපන්දු ගේම් එකක් සෙල්ලම් කරනවා වගේ දෙයක්.

මේ පුවරුවේ තිරස් අතට පේළි අටක් තියෙනවා. ඒ පේළි අට හතර බැගින් දෙපැත්තට බෙදලා ඒ පේළිවල ප්ලාස්ටික්වලින් තනපු ක්‍රීඩකයො රඳවලා ඉන්නවා. ඉතින් සෙල්ලමේදී කරන්න තියෙන්නෙ පුවරුව මැද තියෙන පන්දුව මේ ප්ලාස්ටික් ක්‍රීඩකයන්ව මෙහෙයවලා ප්‍රතිවාදී පැත්තට ගෙන යාමයි. 

මේ ප්ලාස්ටික් ක්‍රීඩකයන්ව මෙහෙයවන්නේ ඔවුන් රඳවලා තියෙන බාර් එක එහා මෙහා කිරීමෙනුයි. සාමාන්‍යයෙන් වෙන්නේ පන්දුව කරා ක්‍රීඩකයෙක් යොමුකරවලා ප්‍රතිවාදියාගේ පැත්තට වේගයෙන් විදින එකයි. නමුත් තරගාවලිවලදී සාමාන්‍ය පාපන්දු තරගයක් වාගේ පන්දුව තමන්ගෙ පිලේ අනිත් ක්‍රීඩකයන් වෙත සාර්ථකව යොමු කරමින් කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට හොඳින් ක්‍රීඩා කෙරෙනවා. 

සමහර වෙලාවට මේ ප්ලාස්ටික් ක්‍රීඩකයන් ආධාරයෙන් පන්දුව විදින වේගය කොච්චරද කියනවා නම් පැයට කිලෝ මීටර 56ක් තරම් වේගයක් තිබෙනවා. මේ විදිහට මිතුරන් පිරිසකට පුංචි සාදයකදී විනෝද වෙන්න පුළුවන් අපූරු සෙල්ලමක් තමයි foosball  කියන්නෙ.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00