2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

මන්ත්‍රීවරයකුගේ පක්ෂ මාරුවක්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

2021 ජනවාරි 4 වැනි සඳු දින පාන්දර 5 පසුවී විනාඩි 5ට සිකුරු ග්‍රහයා තමාට සමරාශී භවනක් වූ ධනු රාශියට පිවිස 2021 ජනවාරි 28 වැනි ගුරු දින පාන්දර 3 පසුවී විනාඩි 30 දක්වා ගමන් කරයි. බුධ ග්‍රහයා 2021 ජනවාරි 5 වැනි කුජ දින පාන්දර 3 පසුවී විනාඩි 57ට තමාට සමරාශි භවනක් වූ මකර රාශියට පිවිස 2021 ජනවාරි 25 වැනි සඳු දින සවස 4 පසුවී විනාඩි 27 දක්වාම ගමන් කරනු ඇත. 

බුධ සිකුරු මාරුවීම හේතුවෙන් අප රටට ස්ත්‍රීන් හා දරුවන් සම්බන්ධ නව නීති පනත් සම්පාදනය වීමක් වේ. මන්ත්‍රීවරයකුගේ පක්ෂ වෙනස්වීමක් පිළිබඳව අසන්නට ලැබෙනු ඇත. ලේඛක, චිත්‍ර, රංගන ක්ෂේත්‍රයේ නියැලි කලා ශිල්පියකුට ශිල්පිනියකට මාරක උදාවනු ඇත. ආරෝග්‍ය ශාලා සෞඛ්‍ය අංශවල නිරත පුද්ගලයින්ටද වෛද්‍යවරුන්ට ඉතා අශුභ කාලයක් වන අතර ඔවුන්ගේ කීර්තිනාමය හානිවන කාලයක්ද වේ. මහජනයාගේ චිත්ත ශක්තිය අඩපණ වන අතර ඔවුන් මනසින් වැටෙන කාලයක්ද වේ. නව වෛරස් තත්ත්වයක් රට තුළ ප්‍රචලිත වන සමයකි.

මේෂ - දරුවකුගේ ජයක්

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන අතර තම මතයට කටයුතු කරන දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට දැනෙන කාලයක් වෙයි. ආර්ථික වාසිද අත්වන කාලයකි.

වෘෂභ - කැපී පෙනේ

ඔබගේ උත්සාහය මත කටයුතු රැසක් සාර්ථක කරගන්නා කාලයකි. යම් යම් කටයුතුවලට පිටස්තර අයගෙන් බාධා මතුවනු ඇත. අන් අය අතර කැපී පෙනෙන කාලයක්ද වේ.

මිථුන - පෙර පින් මතුවේ

මෙම වකවානුව ඔබට යහපත් නැත. නීතිමය ප්‍රශ්නවලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් දිවියේ ගැටලු සහ ප්‍රශ්න මගහැරී යනු ඇත. තම කටයුතුවලට පිටස්තර අයගෙන් බාධා ඇතිවන කාලයකි. පෙර පින මතුවන කාලයකි.

කටක - කෙටි ගමන්

ලියකියවිලිවලට අත්සන් තැබීමේදී හා ඇපවීම්වලට යාමේදී පරිස්සම් විය යුතුය. තම නෑදෑයකුගෙන් යම් යම් හිරිහැරවීම් ඇතිවිය හැකි කාලයකි. කෙටි ගමන් බිමන්වලින් ඵල ලබනවා ඇත.

සිංහ - සතුටින් ගතවේ

නිතරම සතුටින් කාලය ගත කරනවා ඇත. කලා කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වේ. තමාට කර ගැනීමට නොහැකිව තිබූ යම් වැඩකොටසක් ඉටුකර ගැනීමට හැකිවන කාලයකි.

කන්‍යා - වාහන මිලදී ගැනීම්

නිවෙසේ අලංකාරයට විසිතුරු භාණ්ඩ ආදිය මිලදී ගන්නා වූ කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයටද ශුභඵල ගෙන දෙනු ඇත. වාහනයක් මිලදී ගැනීමකට යහපත් වන කාලයක්ද වේ.

තුලා - නිර්මානශීලී අදහස්

තම පවුලේ සහෝදර සහෝදරියන් සමඟ හොඳ හිත වර්ධනය වනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක්ද වේ. අත්වල පීඩා ගතියක් මතුවනු ඇත.

වෘශ්චික - සෙම් රෝග

පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ලේඛන කටයුතුවල නිරත අයට ශුභඵල අත්වනු ඇත. ක්‍රීඩා කටයුතුවල නිරත අයටද යහපත් වනු ඇත. උගුර ආශ්‍රිත සෙම් පීඩා තත්ත්වයන් මතුවිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.

ධනු - මුදල් හානි

යම් යම් වැඩවල අතපසුවීම් ප්‍රමාදවීම් ඇතිවන කාලයක් වෙයි. විශාල අන්දමෙන් මුදල් යෙදවීම් නොකළ යුතු අතර විශාල මූල්‍ය පාඩු සිදුවන කාලයක්ද වේ. යම් යම් කටයුතු සෙමෙන් සෙමෙන් ඉෂ්ඨ කරගත හැකි වනවා ඇත.

මකර - විරුද්ධවාදීන් මතුවේ

සේවා ස්ථානය ආශ්‍රිතව හදිසි ප්‍රශ්න ඇතිවන කාලයක්ද වේ. යම් යම් කටයුතුවලටද විරුද්ධවාදීන් ඇතිවන සමයකි. විශාල මූල්‍ය පාඩුද වන කාලයකි. මුත්‍රා ආබාධයක්ද මතුවනු ඇත.

කුම්භ - ලිංගික බැඳීම්

ජලය ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් විය යුතු වේ. සමාජ සේවා කටයුතුවලට හිත යොමුකරන අතර තම හිත මිතුරන්ගෙන් උදව් උපකාරද අත්වන කාලයකි. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවනු ඇත.

මීන - සුහදත්වය වර්ධනය

තම නෑදෑයන්ගෙන් ඉවත්ව කටයුතු කරන කාලයකි. ලැබීම් යහපත් වනු ඇත. සේවාස්ථානයේ හිත මිතුරන් සමග සුහදත්වය වර්ධනය වනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයටද ශුභවනු ඇත.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික, 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28, ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00