2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

උපන් දිනයෙන් ජය පැරදුම සොයමු

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 451

ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්‍රදාය ගුරුකොට ගනිමින් මෙතෙක් ශ්‍රී ලාංකික ජ්‍යොතිෂලෝලීන්ට තරඟ ජය, විභාග ජය, ආදී අනේකවිධ ජයග්‍රහණ කාලසීමාවන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය උත්පත්ති මොහොතට සැකසූ ජන්ම පත්‍රයකින් තොරව උපන් දිනය පමණක් පාදක කරගෙන හඳුනාගන්නා ක්‍රමවේදය පර්යේෂණාත්මකව ඉදිරිපත් කොට ඇත.

විභාග අසමත්වීම, ජීවිතයට ලැබෙන ඍණවේගාත්මක පරාජයන්, විවිධ තරඟ පරාජයන්, මැතිවරණ පරාජයන් ආදිය හඳුනාගන්නා ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වෙයි.
එමෙන්ම අභියෝග ජයගන්නා සුවිශේෂී අත්දුටු ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයක්ද පෙන්වා දෙනු ලබන්නේ ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් හරහා ඔබටද ජ්‍යොතිෂ පර්යේෂණ චාරිකාවක යෙදීමට ආරාධනය කරමිනි.
විවිධාකාර ඍණවේග ක්‍රියාත්මක වීම හඳුනාගැනීමේ දත්ත කීපයක්

• ගෝචර ගුරු ග්‍රහයා ජන්ම ශනි මතට පැමිණීම.
• ගෝචර ගුරු ග්‍රහයා ජන්ම කුජ මතට පැමිණීම.
• ගෝචර ශනි ග්‍රහයා ජන්ම කුජ මතට පැමිණීම.
• ගෝචර ශනි ග්‍රහයා ජන්ම කුජ ග්‍රහයාට දෘෂ්ටි දීම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම රවිට දෘෂ්ටි එල්ල කිරීම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම ගුරුට දෘෂ්ටි එල්ල කිරීම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම කුජට දෘෂ්ටි එල්ල කිරීම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම ශනිගේ සංවේදී ස්ථානයකට ඒම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම රවිගේ සංවේදී ස්ථානයකට ඒම.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම රවි මතින් ගමන් කිරීම.
• ගෝචර කුජ ග්‍රහයා දෘෂ්ටි ලබාදෙන ස්ථානයක ගුරුගේ වීම.
• ගෝචර කුජ ග්‍රහයා ජන්ම ගුරුට දෘෂ්ටි එල්ල කිරීම.
• ගෝචර කුජ ග්‍රහයා ජන්ම ගුරු මතින් ගමන් කිරීම.
• ගෝචර කුජ ග්‍රහයා ජන්ම ශනි මතින් ගමන් කිරීම.
• ගෝචර කුජ ග්‍රහයා ජන්ම රවි සිටින දිශාවේ ගෝචරය වීම.

කුණ්ඩලී ගිනි කතිර මර්මය සක්‍රිය වීම්‍

ජීවන ගමනේදී පසුබෑම්, බලාපොරොත්තු කඩවීම් ආදිය ඉහත ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත හරහා පර්යේෂණයට ලක් කිරීමේදී බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ චරිත කිහිපයක එවැනි ජන්ම පත්‍ර කීපයක් කෙරෙහිද සැළකිල්ල යොමු කෙරේ.

1977.06.21 සිරිමා මැතිණියගේ අගමැති සිහිනය බොඳ වීම

මෙම කෙන්ද්‍රයෙන් නිරෑපණය වන ලක්ෂණ මේවා වෙයි.

• උත්පත්ති කුජ ග්‍රහයා මතට ශනි ග්‍රහයා ගෝචරය වීම විනාශය ගෙනේ.
• ගෝචර රාහු ග්‍රහයා උත්පත්ති ගුරු ග්‍රහයාට දෘෂ්ටි දීම අහිතකරය.
• ගෝචර ගුරු ග්‍රහයා උත්පත්ති රාහු ග්‍රහයාට දෘෂ්ටි දීම අහිතකරය.

විශේෂ - උත්පත්ති රවි සිටින දිශාවේම කුජ ග්‍රහයා ගෝචරය වීම විශේෂ පීඩාවකි.

2010.01.26 දින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපති සිහිනය බොඳ වීම

මෙහිදී යට දැක්වෙන හේතු බලපෑ බව පෙනේ.
• ගෝචර රාහු ග්‍රහයා ජන්ම රවි ග්‍රහයා මතට පැමිණීම.
• ගෝචර ශනි ග්‍රහයා උත්පත්ති ශනි මතට පැමිණ සිටියත් රාහු - කේතු අක්ෂයේ වීම බලාපොරොත්තු සුන් කිරීමට අමතර හේතුවකි
.
විශේෂ - කුණ්ඩලී ගිනි කතිරය සක්‍රිය වීම භයානක ප්‍රතිඵල ලබාදීමට හේතුවක් විය.

විශ්වකීර්ති ජ්‍යොතීර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
දේශබන්දු - ලංකාපුත්‍ර
ජ්‍යොතිෂවේදී සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00