2020 ජුනි 06 වන සෙනසුරාදා

2011දී කොරෝනා ගැන කතාකළ චිත්‍රපටය

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

කොරෝනා වෛරස් අවිනිශ්චිතතාව අතරේ නිවසේ සිටින අතර Contagion (බෝවීම) සිනමාපටය නැරඹුවෙමි. වර්ෂ 2011 දී අමෙරිකා එක්සත් ජනපදයේ නිපදවූ ත්‍රාසජනක ශානරයේ මෙම චිත්‍රපටය අද අප පමණක් නොව අමෙරිකාවද මුහුණපා සිටින කොරෝනා වසංගතයට සර්වසම කතා පුවතක් දිගහරී.

ස්ටීවන් සොඩෙන්බර්ග් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ තිරරචනය ස්කොට් ඉසෙඩ් බර්න්ස්ය. ඒ වනවිට ඇමෙරිකාවට දැනී තිබූ සාර්ස් වසංගතය (2002-2004) සහ 2009 උණ වසංගතයේද අත්දැකීම් මෙම චිත්‍රපටයට පාදක වී තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තවීමත් සමඟ Contagion චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නැ‍රඹීම ඉහළ ගොස් ඇති බව ලෝකයේ චිත්‍රපට සම්බන්ධ වෙබ් අඩවිවල සඳහන්ය. ලොව බොහෝ රටවල නිවසට ගාල් වී සිටින චිත්‍රපට රසිකයන් මෙම චිත්‍රපටය නැරඹීමට වැඩි උනන්දුවක් දැක්වීමට පටන්ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිට ගුවනින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන තරුණයෙකුට ගුවන් යානයේදී කැස්ස හටගනී. හුස්ම ගැනීමේ අපහසුවෙන් පීඩා විඳී. කැස්සත් සමඟ රැධිරය පිටවන ඔහු ගුවනේදීම මරණයට පත්වේ. ගුවනේදී ඔහුට ප්‍රතිකාර කළත් බේරාගැනීමට නොහැකි වේ. මේ පිළිබඳව ගුවන්තොටුපොළට දැනුම්දෙන ගුවන් සේවිකාවන් ආධාර ඉල්ලා සිටී. මේ අතර රෝගය තරැණයාට බෝ වන්නේ පක්ෂීන්, බල්ලන් වැනි සතුන්ගෙන් බව අපට ඉඟිකරයි.

ගුවන් යානය ගොඩබෑ පසු එය නිරෝධායනයට ලක්කරයි. එහි සිටින මඟීන් නිරෝධායන මධ්‍යස්ථානයකට පිටත්කර හරිති. නිරෝධායන මධ්‍යස්ථානයට නොයන එක් ව්‍යාපාරිකයෙක් සැඟවී ගුවන්තොටුපොළෙන් පලා යති. වෛද්‍යවරැ රෝගයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කරති. අලුත් වයිරසයට එරෙහිව එන්නත් නිපදවීමට පර්ෙය්ෂණ පැවැත්වේ.

මේ අතර රෝගීන් ස්පර්ශයෙන් රෝගය බෝවීම දිගින් දිගටම සිදුවේ. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ගුවන් මගීන්ද එකිනෙකා මියයාම ආරම්භ වේ. ලොස්ඇන්ජලීස් නගරාධිපති, වෛද්‍ය විශේෂඥයන් මේ අවුල විසඳීමට විවිධ උත්සාහ ගනිති. ඒත් වෛරසය සීඝ්‍රයෙන් බෝවීම සිදුවේ. නගරයම බියෙන් ඇලලෙති.

මෙම සිනමා පටයට මේරියන් කොටිලාඩ්, මැට් ඩේමන්, ලෝරන්ස් ෆිෂ්බර්න්, ජූඩ් ලෝ, ග්විනෙත් පැල්ට්‍රෝ, කේට් වින්ස්ලට්, බ්‍රියන් ක්‍රාන්ස්ටන්, ජෙනිතර් එල්ගේ, සානා ලාතන් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් එක්වෙති. චිත්‍රපටය දින 135ක් ඔස්සේ ඇදී යන්නකි. අවසානයේ සොයාගන්නා එන්නතක් මගින් වෛරසය පාලනයට අවස්ථාව ලැබෙන බවට ඉඟිකෙරේ. ඒ වනවිට ඇමෙරිකාවේ මිලියන 2.5ක්ද ලෝකයේම මිලියන 26ක්ද මියගොස් අවසානය

අවසානයේ අතීතාවර්ජනයකින් පැහැදිලි කෙරෙන්නේ මෙම මාරාන්තික වෛරසය ලෝකයට පැතිරෙන්නේ චීනයේ වවුල් විශේෂයකින් බවය. වවුලා ආහාරයට ගන්නා කෙසෙල් කැබැල්ලක් ඌරකු ආහාරයට ගන්නා අතර ඌරාගෙන් එය මිනිසාට සංක්‍රමණය වේ. ඒ ඌරැමස් ආහාරයට ගැනීමෙනි. වර්තමාන කොරෝනා වසංගතය පිළිබඳ පුරෝකථනයක් බඳු මෙම චිත්‍රපටය අමෙරිකාවේදී ඩොලර් මිලියන 135.5ක ආදායමක් ඉපයීමට සමත්විය. ඇමෙරිකාව මෙතරම් හොඳින් වෛරස් වසංගතය ගැන පුරෝකථනය කළද ඔවුන්ට වැරදි දේශපාලන තීරණ නිසා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි වීම නම් කනගාටුදායකය.

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00