2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

රැකියා අවස්ථා ඉහළට විදේශ හවුල් ගිවිසුම් දෙදරයි

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

ධන රාශියෙහි ගමනින් යුක්තව සිටින සෙනසුරැ 2017 අප්‍රේල් 6 වන බ්‍රහස්පතින්දා උදේ දහය පසුවී විනාඩි තිස් හතට කේතුට අයත් වූ මූල නැකතේදී ආපසු ගමන් අරඹනු ඇත. එසේ ආපසු ගමනින් ගමන් කරන සෙනසුරැ 2017 ජූනි 20 වන කුජ දින සවස හය පසුවී විනාඩි 1ට ධනු රාශියෙන් වාශ්චික රාශියට පැමිණේ. වෘශ්චික රාශියෙහිත් ආපසු ගමනින් ගමන් කරන සෙනසුරැ 2017 අගෝස්තු 25 වන දින දක්වා සුපුරුදු ලෙස ගමන් කරයි.

සෙනසුරු වක්‍රවීම අප රටට එතරම් යහපත් කාල වකවානුවක් නොවනු ඇත. රජයට කරදර ප්‍රශ්න ඇතිවනු ඇත. ස්වභාවික ව්‍යසන සුළිකුණාටු, ගංවතුර හා හදිසි ජල ගැලීම් හේතුවෙන් කෘෂිභෝග මෙන්ම දේපල ජීවිත විනාශවීම් සිදුවන්නා වූත් කාල වකවානුවක් වේ. භූමියෙහි අසමතුලිතතාවයක් දෙදරීමක් (භූ සෙලවීමක්) වාර්තා වේ. පාර්ලිමේන්තුවේ කටයුතුවලද අවුල් සහගත තත්ත්වයක් ඇතිවන අතර මහජන නියෝජිතයින්ට මන්ත්‍රීවරුන්ට රෝග පීඩා මාරක ගෙන දෙනු ඇත. 

ස්වභාවික විපත් බහුලවේ

අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් වාර්තා වනු ඇත. පාර්ලිමේන්තු පනතක් පරාජයට පත්වීමක් සිදුවනු ඇත. හවුල් ගිවිසුම් දෙදරීමක් වන අතර භූමියෙන් වටිනා වූ මැණික් මතුවන වකවානුවක්ද වේ. විදේශීය රැකියා අවස්ථා අප රටේ ශ්‍රමිකයන්ට වැඩිපුර අත්වන අතර ඒ සඳහා විදේශගත වන්නන්ගේ පිරිසද වැඩිවන්නා වූත් කාල වකවානුවක් වේ.

මේෂ  - මුදල් පාඩු
ඔබට ජූනි මාසයෙන් පසු උදාවන්නා වූ කාලය කරදරකාරී වනු ඇත. ඔබ කරන කටයුතු සඳහා බාධා ඇතිවන අතර විශාල මුදල් පාඩු ලබන කාල වකවානුවක් වේ.

වෘෂභ - දුර ගමන්
ඔබට එතරම් යහපත් නොවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන අතර, තමන් කිරීමට යන කටයුතු සඳහාත් බාධා ඇතිවනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගී වීමට අවකාශ ලැබෙන අතර දුරගමන් යෙදෙනු ඇත.

අමාත්‍ය මණ්ඩල වෙනසක්

මිථුන - හදිසි ශරීර පීඩා
මෙම කාල සීමාව තුළ සතුන්ගෙන් යම්කිසි පීඩාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. පිටස්තර අයගෙන් තමාට උදව් උපකාර හිමි නොවනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත.

කටක - ආර්ථික අපහසුතා
අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට වරින්වර කම්මැලි උදාසීන ගති ඇතිවේ. ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ජූනි මාසයෙන් පසු ඇතිවන අතර ළය ආශ්‍රිත රෝගවලින් පෙළෙන අය පරිස්සම් වන්න.

සිංහ - ආවේගශීලී ගති
සිතට දුක් ඇතිවන වකවානුවක් වනු ඇත. තම නිවසේ රැඳෙනවාට වඩා වෙනත් වෙනත් ස්ථානවලට යාමට සිදුවනු ඇත. තරමක ආවේගශීලී ගතියකින් කටයුතු කරනු ඇත. ජූනි මාසයෙන් පසු පදිංචිය ස්ථාන වෙනස් කිරීමට සිත් ඇතිවේ.

කන්‍යා - විදේශ ගමන්
ඔබට එතරම් බලපෑමක් නොවන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට උදාසීන ගති හේතුවෙන් වැඩ අතපසුවීමක් වනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගී වීමට අවකාශ ලැබෙනු ඇත. විදේශ ගමන් අපේක්ෂා කළ අයට යහපත් වේ.

තුලා - හදිසි අනතුරු
ඔබට ජූනි මාසයෙන් පසු අයහපත් වූ ඵල අත්වනු ඇත. විශේෂයෙන් ඔබ කරන්නා වූ කටයුතුවලට අයහපත් වේ. ආර්ථික අපහසුතා ඇතිවන අතර නොසිතූ ලෙස තැන්පත් ධනයද වැයවේ. හදිසි අනතුරු මෙන්ම නොසිතූ ශාරීරික පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

වෘශ්චික - කරදර අඩුවේ
ඔබට ජූනි මාසයෙන් පසු පැවතියා වූ කරදරකාරී සිදුවීම්වලින් මිදීමට හැකි වනු ඇත. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් එම අපේක්ෂාවන් ඉෂ්ඨ වනු ඇත. මුදල් ගණුදෙනුවලදී පරිස්සම් විය යුතු අතර විශාල මූල්‍යමය පාඩු ලැබිය හැකිවේ.

ධනු - හදිසි කේන්තිය
ඔබට ජූනි මාසයෙන් පසු අයහපත් කාලයක් උදාවනු ඇත. හදිසි ධන හානි මෙන්ම ඔබ කරන්නා වූ කටයුතු අඩපණවීම් ද හදිසි කේන්ති ගතිද ඇතිවනු ඇත. මෙම වකවානුව තුළ රිය පැදවීම් කරන අයකු නම් ඉතා පරිස්සමින් රිය පැදවීම් සිදුකළ යුතුවේ.

මකර - ප්‍රී්‍රතිය රජයයි
ජූනි මාසයෙන් පසු උදාවන්නා වූ කාල වකවානුව ඉතා යහපත් වනු ඇත. ඔබ කරන්නා වූ කටයුතු සාර්ථක වන අතර සිතේ සතුට ප්‍රීතිය රජයන වකවානුවක් වේ. වියදම් අධික වකවානුවක් බැවින් පරිස්සමින් වියදම් කළ යුතුවේ. තම උත්සාහයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගත හැකිවේ.

කුම්භ - මුදල් ආයෝජන
ඔබට යහපත් වනු ඇත. විශේෂයෙන් භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත. හදිසි ලැබීම් ඇතිවන අතර හදිසි විදේශ සංචාරයකට වරම් ලැබීමක් ද සිදුවනු ඇත. තම නිවසේ අලුත්වැඩියාවක් සිදු කිරීමක් හෝ යම්කිසි ආයෝජනයක් සඳහා මුදලක් යෙදවීමක් කරනු ඇත.

මීන - ආගමික කටයුතු
තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම හේතුවෙන් තම හිතමිතුරන් තමා සමග අමනාපකම් ඇතිකරගනු ඇත. ජූනි මාසයෙන් පසු රැකියාවේ ප්‍රශ්න සමථයකට පත්වනු ඇත. ආගමික කටයුතු සඳහා දායකත්වයක් දක්වන වකවානුවක් වේ. සහෝදරයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00