2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව ආශ්‍රිත ගිනියම්වීමක්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ජාති හිතෛෂී ඩී.එස්. ශ්‍රීමතාණන් යටත්විජිතවාදී වහල් බැම්මෙන් 1948.02.04 ශ්‍රී ලංකා රාජ්‍යයට නිදහස ලබාගත්තේ බලවත් පරිශ්‍රමයකිනි. 1948 න් පසු පාලන තන්ත්‍රය 1977 ජනරජ ව්‍යවස්ථාව 5/6 පාර්ලිමේන්තු ඡන්දයෙන් සම්මත කොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පටන් පූර්ණ විධායක බලතල ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමානයේදී එකී ව්‍යවස්ථාවද වෙනස් කොට කාලීන යුග අවශ්‍යතා පරිදි වෙනසකට රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම පොදු ජනතාව සිහින මවන බව පෙනේ. 

2017 නව වසර උදාවන රාශි සටහනට අනුව ප්ලූටෝ සමඟ රවි - බුධ යෝගකාරකව මිත්‍රව ලග්නයේද, චන්ද්‍ර ග්‍රහයා සතුරුව දෙවැන්න වූ ධනස්ථානගතවද, 4 වැන්නේ කේතු සිකුරු මිත්‍රව අඟහරු සතුරුව නැප්චූන් සමඟ තැන්පත්ව ඇත. 10 වැන්න වූ කර්මස්ථානගතව රාහු සතුරුවද 11 වැන්න අයස්ථානයට බ්‍රහස්පති මිතුරුවද සෙනසුරු සතුරුවද 12 වැන්නෙහිද තැන්පත්ව ඇත. 

ශ්‍රී ලාංකේය නිදහස් කේන්දරයට අනුව ලග්නාධිපති (12) 10 වැන්නේ සෙනසුරු සතුරුවද, එකී ස්ථානයෙන් ජනරජයද 10 වැන්නාධිපති සතුරුව ලග්නයෙහි කේතු සිකුරු සමඟ ද, එකී ස්ථානයෙන් ජනාධිපතිතුමාද 1 – 12 සතුරු චන්ද්‍රයා 12 වැන්නේද 11 වැන්න වූ පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙන ස්ථානයෙහි රවි - බුධ ප්ලූටෝද ජන ජීවිතය පිළිබඳ විවරණය කරනු ලබන 7 වැන්නේ රාහුද, 2 – 11 අධිපති බ්‍රහස්පති මාරක ස්ථානයක වූ 8 වැන්නේද තැන්පත් වීම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දැඩි ආරක්ෂා රැකවරණය අවශ්‍ය කාල පරාසයක් යැයි මෙහි සටහන් කළ යුතුව ඇත. පිල් - පැති - පක්ෂ මාරුවීම්, උණුසුම් වාද විවාද ඇතුළු ආකූල ව්‍යාකූල බවක් නිසා පාර්ලිමේන්තුව ආශ්‍රිත ගිනියම්වීමක්ද නිර්මාණය වෙනු පෙනී යන්නේය.

ජනවාරි 1- 13 යුද්ධ දෙකකින් ආරම්භ වී ග්‍රහ යුද්ධ 19ක් නව වසර පුරාවට විහිදී ගැටුම්කාරී උණුසුම් දේශපාලන භූමිකාව දෙදරන විස්මිත කාල පරාසයක සමාරම්භය ජන ජීවිතය ආශ්‍රිත ආර්ථික උද්ධමනකාරී බව දෙගුණ වීමකි. කෘෂිකාර්මික කඩිනම් සංවර්ධනයක් හෝ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කොට මහා මැතිවරණයක් පැවැත්වීම කාලීන යුග අවශ්‍යතාවයකැයි මනාව පෙනී යයි.

කෙසේ වුවද මෙම වර්ෂය තුළදී අවිහිංසාව, අවංක බව, පිරිසුදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පනා පදනම් වූ සාමය සමගිය සමාදානය තුළින් සමාජ සේවා සැකැස්මෙන් ධර්ම ශාස්ත්‍රීය වූ සංස්කෘතිකමය ප්‍රබෝධයෙන් මානසික ආධ්‍යාත්මක දියුණුවද ඇතිවේ. 

කොත්මලේ විජිත ඩී. ලියනාරච්චි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00