2020 මාර්තු 07 වන සෙනසුරාදා

වෛද්‍යවරයකු බිහිකරන ග්‍රහ පිහිටීම

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 4686
 
අද බොහෝදෙනාගේ අපේක්ෂාව වෛද්‍යවරයකු වීමය. සමහර දෙමාපියෝ ද තම දරැවා අනාගතයේ වෛද්‍යවරයකු කිරීමට කුඩා කාලයේ සිටම උත්සාහ ගනිති. එහෙත් කොතරම් උනන්දු වුවද එවැනි බලාපොරොත්තු සඵල නොවන අවස්ථා ඇත. එයට හේතුව කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීමය.
 
ජන්මියාගේ වෘත්තිය කුමක්දැයි දැන ගැනීමට ඔහුගේ ලග්නය සමඟ එකොළොස්වැනි රාශිවල තැන්පත් වන ග්‍රහයන් මෙන්ම එහි අධිපතින්ද සලකා බැලිය යුතුය. මෙම රාශීන් සහ අධිපතීන් සමඟ රවි, ශනි, රාහු, ගුරැ සම්බන්ධ නම් ජන්මියා වෛද්‍යවරයකු බවට පත්වෙනවා ඇත.
 
වෛද්‍ය වෘත්තියට සම්බන්ධ රාශි සහ ඒවා මගින් සොයාගත හැකි ලක්ෂණ මෙසේය.
 
4 - උසස් අධ්‍යාපනය
5/ 9 - ඥාණය හා බුද්ධිය
6 - රෝග
8 - ආයුෂ, ජීවිත කාලය හා මරණය
9 - ආශිර්වාදය, උසස් අධ්‍යාපනය, විචාරශීලී ගතිය
10 - වෘත්තිය - රුකියාව
11 - ලාභය සහ ආදායම, වැටුප
 
(පස් වැන්නාධිපති 6 වැන්නට හෝ 12ට සම්බන්ධ නම් එමගින් ඔහු හෝ ඇය අනාගතයේ වෛද්‍යවරයකු බව පැවසේ. 6 වැන්න රෝග රාශිය සහ 12 වැන්න මගින් රෝහල් පිළිබඳ කියැවේ. මේ රාශි සමඟ 5 සහ 10 අධිපතීන්ගේ සම්බන්ධයක් ඇතිනම් වෛද්‍ය වෘත්තිය සඳහා බලගතු හේතු ඇතිවනවා ඇත.
 
වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා සම්බන්ධ ප්‍රධාන ග්‍රහයන් මෙසේය.
 
රවි - ඖෂධ නියෝජනය කරයි
චන්ද්‍ර - ඖෂධ ශාක හා ශාකවලින් තැනූ ඖෂධ පෙන්වයි
කුජ - ශෛල්‍ය අංශය
ගුරැ හා බුද - විශේෂඥතාව
ශනි හා රාහු - ජීවිතාන්තය දක්වා විඳවන රෝග
කේතු - මුවහත් ආයුධ, ශෛල්‍යකර්ම
 
වෛද්‍ය වෘත්තිය සඳහා ගුරැ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර ගුරු නියෝජනය නිසා ආශිර්වාදයෙන් රෝග සුව කිරීම අදාළ වේ. ගුරු සුවය සඳහා බලය ලබා දේ. ගුරැට ලග්නය 5 – 10ට සම්බන්ධ නම් දක්ෂ වෛද්‍යවරයකු බිහිකරනවා ඇත.
බුධ සහ රවි 4 නම් ලග්නයෙන් ගුරැගෙන් හෝ 8හි තැන්පත් නම් ජන්මියා සුදුසුකම් ලැබූ දක්ෂ වෛද්‍යවරයකු වෙයි. මෙම සම්බන්ධය කටකයේ නම් හෙතෙම මේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වනු ඇත. සාර්ථක වෛද්‍යවරයකු වීම සඳහා ගුරැ, කුජ, රවි, චන්ද්‍ර සහ කේතු බලපත්ව 5, 6, 8, 10 සමඟ සම්බන්ධ වීම හේතු වේ. ගුරැට හා ඒ රාශීන් සමඟ සම්බන්ධයක් සහ පාපී චන්ද්‍රයා සමඟද සම්බන්ධයක් තිබිය යුතුය. සිකුරැගේ සම්බන්ධතා ග්‍රහයන් වන රවි, ගුරැ, කේතු සහ 10 සමඟ සම්බන්ධයෙන් හොඳ නාරි වෛද්‍යවරයකු බිහි කරයි.
 
රවි, ශනි 10 වැනි රාශිය සමඟ සම්බන්ධ නම් ජන්මියා දන්ත වෛද්‍යවරයකු වෙයි. ගුරැ සහ කේතුගේ සම්බන්ධයක් 10 වැන්න මගින් හෝමියෝපති වෛද්‍යවරයකු බිහි කරනවා ඇත. ඊළඟට බලවත් රවි, කුජ, ගුරැ, ශනි සහ රාහු 10, 2 හෝ 7 වැන්න සමඟ සම්බන්ධයක් ඇති විටෙක ජන්මියා, කුමන අංශයකින් හෝ සාර්ථක වෛද්‍යවරයකු වනවා ඇත. එසේම යම් හෙයකින් රාහු සහ කේතු ශුභ භාවයක් වන 1, 4, 5, 7, 9 හෝ 10 යන රාශිවල බලවත්ව සිටින විට ප්‍රකට වෛද්‍යවරයකු වෙයි.
හොඳින් සම්බන්ධ 5 හා 6 වැනි භාව සමඟ එකිනෙකට ගැලපේ නම් ඒ මගින් රෝග නිර්ණය සඳහා හොඳ ඥානයක් නිර්මාණය කරයි. 6 වැන්න අධිපති සම්බන්ධ නම් හා 10 වැන්න සමඟ නම් ජන්මියා ප්‍රකට වෛද්‍යවරයකු හෝ නීතීඥයකු වෙයි. රවි සහ චන්ද්‍රයා හෝ ගුරැ සහ කුජ කේන්ද්‍රයක නම් ජන්මයා වෛද්‍යවරයකු වේ. එකිනෙක රාශි නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය වෘත්තීන් මෙසේය.
 
රාශිය විශේෂඥභාවය
මේෂ දන්ත, ශල්‍ය
වෘෂභ කායික, රසායන
මිථුන වෛද්‍ය පර්යේෂණ හා කායික
කටක නාරි වෛද්‍ය, සුව සේවා
සිංහ හෘදය
කන්‍යා සාමාන්‍ය ඖෂධ
තුලා    නාරි වෛද්‍ය පර්යේෂණාගාර, කාර්මික, විකලාංග නාරි වෛද්‍ය
වෘශ්චික  සාමාන්‍ය ඖෂධ, දන්ත, විකලාංග සහ ශෛල්‍ය
ධනු එක්ස් කිරණ, ක්ෂුද්‍ර ශබ්ද
මකර කායික 
කුම්භ මොළය, වෛද්‍ය උපකරණ
මීන කායික, සුව සේවා සහ ශෛල්‍ය
 
විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00