2020 මාර්තු 07 වන සෙනසුරාදා

කඳුකරයේ උතුරු මායිමේ මහවැලි ගඟට යාබද Earl’s Regent හෝටලය

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

මහනුවර.. එදත් අදත් සුන්දරම සංචාරක ගමනාන්තයක්. මේ පුරවරයේ බොහෝ සංචාරක මධ්‍යස්ථාන අතර සුවිශේෂ නවාතැන්පොළක් පිළිබඳවයි මේ සටහන. නමින් Earl’s regent හෝටලය කඳුකරයේ උතුරු මායිමේ මහවැලි ගඟට යාබදව තමයි පිහිටලා තියෙන්නෙ. පසෙකින් මීදුමෙන් වැසී ගිය හැටන් කඳුවැටියත් රක්ෂිත වනයත් මායිම් වූ මේ හෝටලය මහනුවර ඓතිහාසික උරැමයත් පාරිසරික සෞන්දර්යත් කැටිවුණු අපූරු නවාතැනක් කිවුවොත් නිවැරදියි.

Mountbatten suit එක, junior suits 2ක්, deluxe 72ක්, superior deluxe 12 ක් සහිත කාමර 87කින් Earl’s regent හෝටලය සමන්විතයි. Free Wi-Fi ඇතුළු නවීන සුඛෝපබෝගී පහසුකම් සියල්ලක්ගෙන්ම අංගසම්පූර්ණ කාමර මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්වලින් ද අලංකෘතයි.

පිහිනුම් තටාකය, අංගසම්පූර්ණ ව්‍යායාම මධ්‍යස්ථානය, The Flavor හෙවත් ප්‍රධාන අවන්හල ආදී සියල්ලක්ම හෝටලයේ තත්ත්වය උසස් මට්ටමකට ගෙන එනවා.

විශේෂයෙන්ම Earl’s regent හි ආහාර ගැන කතා කළ යුතුමයි. කඳුකරයේ ගම්මානයක සරල ආහාර වේලක සිට තරුපන්තියේ ආහාර වේලක් දක්වා රසවිඳින්න අවකාශය සැලසෙනවා.

මධුසමය ගතකරන යුවළවල් අතරත් Earl’s regent ජනප්‍රිය වෙන්නේ ඔවුන් වෙනුවෙන්ම සුවිශේෂ සත්කාරයන් මෙහි අඩංගු වන නිසා. මේ කඳුකරයේ තමන්ගේ සිහින මංගල්‍යය උත්සවය සැබෑකරගන්නත් බොහෝදෙනා Earl’s regent තෝරාගැනීමට හේතුව මෙහි ඇති සුන්දරත්වයම තමයි.

මහනුවර ඓතිහාසික උරුමයන් හා පාරිසරික වටිනාකමකින් යුතු බොහෝ ගමනාන්ත සඳහා පහසුවෙන් ළඟා වෙන්නත් Earl’s regent හි ලැගුම්ගන්න ඔබට පුළුවන්. මේ සුන්දර නාවාතැනේ සුන්දරත්වය විඳගන්න ඔබත් අමතක කරන්න එපා.

සනත් වීරසුරීය 
සේයාරූ : නිලන් මලිගස්පේ