2020 මාර්තු 07 වන සෙනසුරාදා

කකුළුවො කන්න කොළඹ නියම තැන

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

කකුළුවො කන්න අකමැති කවුද? කොළඹ නගරයේ නම් කකුළුවන් ආහාරය සඳහා තිබෙන හොඳම අවන්හල තමයි The Fat Crab කියන්නෙ. Don’s Deli down marine drive හී ඉහළ මහලයේ පිහිටල තිබෙන අවන්හල සුන්දර ඉන්දියන් සාගරය දිහා බලාගෙනම මුහුදු ආහාර රසවිඳින්න පුළුවන් අපූරු තැනක්.

සජීවීව කකුළුවන් තෝරාගෙන කැමැති ආකාරයකට රසවිඳින්නත් ඔබට පුළුවන්. විශේෂයෙන්ම ඔවුන් කකුළුවන් පිළියෙළ කිරීමේ ආකාර 6ක් ඉදිරිපත් කරනවා. දේශීය මුරුංගා ව්‍යාංජන ක්‍රමය හා සිංගප්පූරු මිරිස් කකුළුවන් යන ක්‍රමය තමයි පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය. ඒ වගේම Backed crab, panko crumbed tiger prawns, signature seafood chowder, chili prawn pasta වගේ තමවත් රසම රස මුහුදු ආහාර තෝරාගැනීම් රැසක්ම රසවිඳින්න The Fat Crab හීදි අපිට අවස්ථාව සැලසුණා. ඒ වගේම බීම වර්ග විශාල එකතුවකුත් තියෙනවා ඔබට ආහාර සමගම රසවිඳින්න පුළුවන්. ඒ අතරින් Cocktail, Arrack, margarita ආදී වර්ග ප්‍රධානයි.

සන්සුන් අවකාශයක් සහිත අවන්හලේ මඳ අඳුරේ රාත්‍රී ආහාර වේලක් ගැනීම සැබවින්ම අපූරු අත්දැකීමක්. ඔබ සවස හයට පමණ අවන්ලට ගොඩවැදුණොත් ඉන්දියන් සාගරයේ හිරු බැස යන සුන්දර දසුන දැකගන්න ගමන්ම අපූරු ආහාර වේලක් රසවිඳින්න හැකි වේවි. හෘදයාංගම කාර්ය මණ්ඩලයක් හා විශිෂ්ට සේවාවක් සහිත The Fat crab සෑම අතින්ම සුවිශේෂී අවන්හලක් ලෙස ඔබ වෙනුවෙන් නිර්දේශ කළ හැකියි.

Life.lk ඇසුරින්