2020 මාර්තු 07 වන සෙනසුරාදා

කොවිඩ් 19ට ගුවන්තොට සීරුවෙන්!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය ආශ්‍රිතව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covid 19 ලෙස නම්කර ඇති, ලොවපුරා කොරෝනා වෛරස ආසාදිත රෝගය ලෙස හඳුන්වන, රෝගයේ පළමු රෝගියා මීට මාස තුනකට පමණ පෙර වාර්තා වී තිබුණි. එතැන් සිට එය ඉතා වේගයෙන් වූහාන් නගරය පුරා පමණක් නොව චීනයේ තවත් ප්‍රාන්ත ගණනාවකද පැතිර යන්නට වූයේ වසංගතයක් පරිද්දෙනි.

චීනය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යන රටකි. ඒ අනුව චීනයේ බෙයිජිං, ෂැංහයි, කැන්ටන්, චොංකිං, ග්වැන්ෂෝ, කුංමිං සහ චෙංඩු යන ගුවන් තොටුපළවල සිට චීනයට අයත් එයා චයිනා, චයිනා සදර්න්, චයිනා ඊස්ටන් සහ චොංකිං යන ගුවන් සේවාවලට අයත් ගුවන්යානා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානාද මෙම දෙරට අතර දිනකට ගුවන් ගමන් වාර පහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව මෙම ගුවන් යානා වලින් දිනකට චීනයේ සිට ගුවන් මගීන් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙති. ඒ අතර ශ්‍රී ලාංකිකයන්, චීන ජාතිකයන් මෙන්ම වෙනත් රටවල් කරා ගමන් ගන්නා විදේශීය ගුවන් මගීන්ද වෙති. චීනයේ ඉගෙනුම ලබන සිසුන්, ව්‍යාපාරිකයන් සහ එරට වෙනත් හේතු සඳහා සංචාරයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙසේ මෙම ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත දිනපතා පැමිණෙති. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ චීන ආයෝජන ව්‍යාපෘති සේවය කරන චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන චීන ජාතිකයන් ද මෙම ගුවන් යානා වලින් පැමිණෙති.

එහෙත් මෙම රෝගී තත්ත්වය චීනය තුළ උත්සන්න වීමත් සමඟ එසේ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ ක්‍රමික අඩුවීමක් වාර්තා වී තිබේ. එයට සමගාමීව ශ්‍රී ලංකාවට දිනකට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාවද එක දක්වා අඩු වී තිබේ. එය චීනයේ පැතිර යමින් තිබෙන මෙම වෛරස ආසාදිත රෝගය, ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි ප්‍රධාන දොරටුව වසා දැමීමක් හා සමාන තත්වයකි. ශ්‍රී ලංකාවට මෙම රෝගය ළගාවීමට ඉඩකඩ ඇති පහසුම මාර්ගය සහ ස්ථානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළයි.

ඒ අනුව මෙම ගුවන් තොටුෙපාළ ඇසුරෙන් මෙම වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගුවන් තොටුපළ බලධාරීන් සහ ඒ ඒ ආයතන විසින් ගෙන තිබේ. මෙයින් පළමුවැන්න වන්නේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් යානාවල නියමුවන් සහ ඒවායේ කාර්ය මණ්ඩලය මෙම රෝගී තත්ත්වය පිළිබඳව විශේෂයෙන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව තම ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ ශරීර උෂ්ණත්වය 100F0 ට වැඩියෙන් ඇති උණ රෝගීන්, කැස්ස, ශ්වසන අපහසුතා ඇති ගුවන් මගීන් සිටී නම් ඔවුන් පිළිබඳව ගුවන් යානා කාර්ය මණ්ඩලය, එහි ප්‍රධාන ගුවන් නියමුවාට වාර්තා කළ යුතුය. ඔහු වහාම ඒ පිළිබඳව තොරතුරැ කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා මෙහෙයුම් පාලක මැදිරිය දැනුවත් කිරීමට පියවර ගත යුතුය.

ඉන්පසුව එම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළ තුළ ගොඩබැස්සවීමෙන් අනතුරැව, එම ගුවන් මගීන් හඳුනාගෙන, විශේෂ ගිලන් රථ මගින්, ආසන්නතම මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර සූදානම් කර තිබේ. එවැනි ගුවන් මගියෙකු ගුවන් යානය තුළදී හඳුනාගැනීමට නොහැකි වුවහොත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ස්වයංක්‍රීයව මැන බලා වාර්තා කිරීමේ උපකරණ 04ක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සවිකර තිබේ. එහි ඇති දර්ශන තිර මත ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලා, එහි අගයන් ප්‍රදර්ශනය සිදුකරයි.

මෙම කටයුත්ත නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක්ද දවසේ පැය 24 පුරා මෙම යන්ත්‍ර අසළ සේවයේ යොදවා සිටිති. එහිදී එවැනි රෝග ලක්ෂණ සහිත ගුවන් මගීන් හමු වුවහොත් ඔවුන් වහාම විශේෂ ගිලන් රථ මගින් මීගමුව මහ රෝහල වෙත යොමු කෙරේ.

මීට අමතරව මෙම වෛරස රෝග ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, අනෙකුත් ගුවන් මගීන්ගෙන් වෙන් කර, වෙනත් විශේෂ මගී පර්යන්තයක් වෙත රුගෙන ගොස් විශේෂ සහ දැඩි පරීක්ෂා කිරීම්වලට ලක්කිරීමට අවශ්‍ය කටයුතු පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. එමෙන්ම මෙම රටවල ගුවන් මගීන්, වෙනත් රටවල සිට පැමිණියහොත් ඔවුන්ද අනෙක් ගුවන් මගීන්ගෙන් වෙන්කර, වෙනත් මගී පර්යන්තයක් වෙත රුගෙන ගොස් විශේෂ පරීක්ෂා කිරීම්වලට ලක් කෙරේ.

මෙම අනාවරණ පරීක්ෂණවලින්ද බේරී, යම් ගුවන් මගියෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වුවහොත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරී කටයුතුවල නියුතුව සිටින එම නිලධාරීන්, මෙම රෝගී ගුවන් මගීන් හඳුනාගෙන වහාම ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගනු ලබයි.

එමෙන්ම ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්ත වෙත පැමිණෙන සියලු දෙනාද මේ ආකාරයට ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාවලට ලක් කෙරේ. එසේම ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත ඇතුළු සියලු පරිශ්‍ර දිනපතා විෂබීජ නාශක දියර යොදා ගනිමින් විෂබීජ හරණයට පියවර ගෙන තිබේ. එසේම මුඛය තුළින් කථා කිරීමේදී විසිරෙන කෙළ බිඳිති අවට පරිසරය වෙත මිශ්‍ර වීමට නොදීමට සහ ශ්වසන පද්ධතිය ඇසුරෙන් මෙම රෝග බීජ ඇතුළු වීම වැළැක්වීම සඳහා සියලු ගුවන් තොටුපළ සේවකයන් හට මුඛ ආවරණ නොමිලේ ලබාදී තිබේ.

ඊට අමතරව ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි, ආපනශාලා, වැසිකිළි පද්ධති ඇතුළු ගුවන් මගීන් ගැවසෙන සියලු ස්ථානවල එම ගුවන් මගීන්ගේ දෙඅත් මත තවරා ගැනීම සඳහා විෂබීජ නාශක දියර බෝතල ස්ථාපිත කර තිබේ. මෙම සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීන්, විශේෂ ගිලන් රථ සහ මීගමුව සහ අංගොඩ වසංගත රෝග රෝහල දවසේ පැය 24 පුරා සූදානම් කර සීරැවෙන් තබා තිබේ. 

කටුනායක ටී.කේ.ජී. කපිලචීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය ආශ්‍රිතව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covid 19 ලෙස නම්කර ඇති, ලොවපුරා කොරෝනා වෛරස ආසාදිත රෝගය ලෙස හඳුන්වන, රෝගයේ පළමු රෝගියා මීට මාස තුනකට පමණ පෙර වාර්තා වී තිබුණි. එතැන් සිට එය ඉතා වේගයෙන් වූහාන් නගරය පුරා පමණක් නොව චීනයේ තවත් ප්‍රාන්ත ගණනාවකද පැතිර යන්නට වූයේ වසංගතයක් පරිද්දෙනි.

චීනය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යන රටකි. ඒ අනුව චීනයේ බෙයිජිං, ෂැංහයි, කැන්ටන්, චොංකිං, ග්වැන්ෂෝ, කුංමිං සහ චෙංඩු යන ගුවන් තොටුපළවල සිට චීනයට අයත් එයා චයිනා, චයිනා සදර්න්, චයිනා ඊස්ටන් සහ චොංකිං යන ගුවන් සේවාවලට අයත් ගුවන්යානා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානාද මෙම දෙරට අතර දිනකට ගුවන් ගමන් වාර පහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව මෙම ගුවන් යානා වලින් දිනකට චීනයේ සිට ගුවන් මගීන් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙති. ඒ අතර ශ්‍රී ලාංකිකයන්, චීන ජාතිකයන් මෙන්ම වෙනත් රටවල් කරා ගමන් ගන්නා විදේශීය ගුවන් මගීන්ද වෙති. චීනයේ ඉගෙනුම ලබන සිසුන්, ව්‍යාපාරිකයන් සහ එරට වෙනත් හේතු සඳහා සංචාරයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙසේ මෙම ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත දිනපතා පැමිණෙති. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ චීන ආයෝජන ව්‍යාපෘති සේවය කරන චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන චීන ජාතිකයන් ද මෙම ගුවන් යානා වලින් පැමිණෙති.

එහෙත් මෙම රෝගී තත්ත්වය චීනය තුළ උත්සන්න වීමත් සමඟ එසේ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ ක්‍රමික අඩුවීමක් වාර්තා වී තිබේ. එයට සමගාමීව ශ්‍රී ලංකාවට දිනකට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාවද එක දක්වා අඩු වී තිබේ. එය චීනයේ පැතිර යමින් තිබෙන මෙම වෛරස ආසාදිත රෝගය, ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි ප්‍රධාන දොරටුව වසා දැමීමක් හා සමාන තත්වයකි. ශ්‍රී ලංකාවට මෙම රෝගය ළගාවීමට ඉඩකඩ ඇති පහසුම මාර්ගය සහ ස්ථානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළයි.

ඒ අනුව මෙම ගුවන් තොටුෙපාළ ඇසුරෙන් මෙම වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගුවන් තොටුපළ බලධාරීන් සහ ඒ ඒ ආයතන විසින් ගෙන තිබේ. මෙයින් පළමුවැන්න වන්නේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් යානාවල නියමුවන් සහ ඒවායේ කාර්ය මණ්ඩලය මෙම රෝගී තත්ත්වය පිළිබඳව විශේෂයෙන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව තම ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ ශරීර උෂ්ණත්වය 100F0 ට වැඩියෙන් ඇති උණ රෝගීන්, කැස්ස, ශ්වසන අපහසුතා ඇති ගුවන් මගීන් සිටී නම් ඔවුන් පිළිබඳව ගුවන් යානා කාර්ය මණ්ඩලය, එහි ප්‍රධාන ගුවන් නියමුවාට වාර්තා කළ යුතුය. ඔහු වහාම ඒ පිළිබඳව තොරතුරැ කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා මෙහෙයුම් පාලක මැදිරිය දැනුවත් කිරීමට පියවර ගත යුතුය.

ඉන්පසුව එම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළ තුළ ගොඩබැස්සවීමෙන් අනතුරැව, එම ගුවන් මගීන් හඳුනාගෙන, විශේෂ ගිලන් රථ මගින්, ආසන්නතම මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර සූදානම් කර තිබේ. එවැනි ගුවන් මගියෙකු ගුවන් යානය තුළදී හඳුනාගැනීමට නොහැකි වුවහොත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ස්වයංක්‍රීයව මැන බලා වාර්තා කිරීමේ උපකරණ 04ක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සවිකර තිබේ. එහි ඇති දර්ශන තිර මත ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලා, එහි අගයන් ප්‍රදර්ශනය සිදුකරයි.

මෙම කටයුත්ත නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරැන් සහ හෙදියන් පිරිසක්ද දවසේ පැය 24 පුරා මෙම යන්ත්‍ර අසළ සේවයේ යොදවා සිටිති. එහිදී එවැනි රෝග ලක්ෂණ සහිත ගුවන් මගීන් හමු වුවහොත් ඔවුන් වහාම විශේෂ ගිලන් රථ මගින් මීගමුව මහ රෝහල වෙත යොමු කෙරේ.

මීට අමතරව මෙම වෛරස රෝග ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, අනෙකුත් ගුවන් මගීන්ගෙන් වෙන් කර, වෙනත් විශේෂ මගී පර්යන්තයක් වෙත රුගෙන ගොස් විශේෂ සහ දැඩි පරීක්ෂා කිරීම්වලට ලක්කිරීමට අවශ්‍ය කටයුතු පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. එමෙන්ම මෙම රටවල ගුවන් මගීන්, වෙනත් රටවල සිට පැමිණියහොත් ඔවුන්ද අනෙක් ගුවන් මගීන්ගෙන් වෙන්කර, වෙනත් මගී පර්යන්තයක් වෙත රැගෙන ගොස් විශේෂ පරීක්ෂා කිරීම්වලට ලක් කෙරේ.

මෙම අනාවරණ පරීක්ෂණවලින්ද බේරී, යම් ගුවන් මගියෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වුවහොත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරී කටයුතුවල නියුතුව සිටින එම නිලධාරීන්, මෙම රෝගී ගුවන් මගීන් හඳුනාගෙන වහාම ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගනු ලබයි.

එමෙන්ම ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්ත වෙත පැමිණෙන සියලු දෙනාද මේ ආකාරයට ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාවලට ලක් කෙරේ. එසේම ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත ඇතුළු සියලු පරිශ්‍ර දිනපතා විෂබීජ නාශක දියර යොදා ගනිමින් විෂබීජ හරණයට පියවර ගෙන තිබේ. එසේම මුඛය තුළින් කථා කිරීමේදී විසිරෙන කෙළ බිඳිති අවට පරිසරය වෙත මිශ්‍ර වීමට නොදීමට සහ ශ්වසන පද්ධතිය ඇසුරෙන් මෙම රෝග බීජ ඇතුළු වීම වැළැක්වීම සඳහා සියලු ගුවන් තොටුපළ සේවකයන් හට මුඛ ආවරණ නොමිලේ ලබාදී තිබේ.

ඊට අමතරව ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි, ආපනශාලා, වැසිකිළි පද්ධති ඇතුළු ගුවන් මගීන් ගැවසෙන සියලු ස්ථානවල එම ගුවන් මගීන්ගේ දෙඅත් මත තවරා ගැනීම සඳහා විෂබීජ නාශක දියර බෝතල ස්ථාපිත කර තිබේ. මෙම සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීන්, විශේෂ ගිලන් රථ සහ මීගමුව සහ අංගොඩ වසංගත රෝග රෝහල දවසේ පැය 24 පුරා සූදානම් කර සීරැවෙන් තබා තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00