2020 ජනවාරි 11 වන සෙනසුරාදා

බෙලිහුල්ඔය අලුත්ම නවාතැන Bellwood Hills Resort and Spa

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

මහනුවර වනාහි දේශීය සංචාරක කර්මාන්තයේ මුදුන්මල්කඩයි. ඒ අතරින්ද බෙලිහුල්ඔය වර්තමාන සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයක් දිනාගෙන ඇත. මේ සටහන බෙලිහුල්ඔය නවතම සුඛෝපභෝගී සංචාරක නවාතැන Bellwood Hills Resort and Spa ගැන.

මුහුදු මට්ටමේ සිට 3000ක් ඉහළින් කඳුකරයම නෙත ගැටෙන කඳු මුදුනක පිහිටන Bellwood Hills Resort and Spa ගිය වසරේ අප්‍රේල් මස සිට තමයි ගමන් අරඹන්නේ. විවේකී සන්සුන් නිවාඩුවකට වගේම ත්‍රාසජනක පාරිසරික නිවාඩුවකටත් ගැලපෙනම තැන.

හෝටලය Deluxe Rooms 15ක් Family Rooms 5ක් සහ Suit 2ක් ඇතුළු සුඛෝපභෝගී කාමර 15කින් සමන්විතයි. සෑම කාමරයකටම පෞද්ගලික බැල්කනියක්, සුඛෝපභෝගි ගෘහභාණ්ඩ, IDD Telephone, Voice mail, Satellite TV, WiFi, Mini Bar, Safe Lockers සහ පැය 24 පුරා ක්‍රියාත්මක කාමර සේවාවක් සපයා තිබෙනවා.

ආහාර ගැන සඳහන් කරනව නම් ඔවුන්ගේ සේවාවට සසඳන්න වෙනත් අවන්හලක් ප්‍රදේශය නැති තරම දේශීය, විදේශීය, මුහුදු ආහාර ආහාර ඕනෑම ආහාර අත්දැකීමක් ඔවුන් ඔබට තිළිණ කරන්න සූදානම්. ප්‍රධාන අවන්හල් 2ක් ඔවුන් සතුයි. 6 වැනි මහලේ ඇති bar එකේ සිට පරිසරයේ විශාල දසුනක් නරඹන්න පුළුවන්.

Bellwood Hills Resort and Spa හී ලැගුම්ගන්න ඔබට බෙලිහුල්ඔය සෞන්දර්ය ආයතනය, පුරාණ යටත්විජිත ගම්මානය, බණ්ඩාරවතී පන්සල, මුතුකෙලින වැව, බෙලිහුල්ඔය පල්ලිය ආදී බොහෝ තැන්වල සංචාරය කරන්න පුළුවන්. නුවර සුප්‍රසිද්ධ ස්ථාන නරඹන්නත් පුළුවන්. වන මංපෙත්වල ඇවිදින Mountain Bike පදින්න තවත් බොහෝදේ දකින හැකි. ඉතින් ඔබත් සුන්දර නිස්කලංක නිවාඩුවකට Bellwood Hills Resort and Spa වෙත ගිහින් බලන්න.

සනත් වීරසූරිය 
සේයාරූ : ශාන් බන්දු වීරසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00