2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මැලේසියා කෑම සුවඳ නාවල වපුරන Papparich

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

Papparich කියන්නෙ ලොවපුරා මැලේසියානු ආහාර ප්‍රචලිත කළ වෙළෙඳ නාමයක්. ඔවුන් ලංකාවට එන්නෙ වසර කිහිපයකට කලින්. මේ ඔවුන්ගෙ අලුත්ම අවන්හල Papparich නාවල ගැනයි. මේ අවන්හලට ඔබව උණුසුම් විදිහට ඔවුන් පිළිගන්නවා වගේම සතුටින් නිදහසේ ආහාර ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා දෙනවා.

ආරම්භය, ප්‍රධාන ආහාර, අතුරුපස වගේම බීම වර්ගත් ඔවුන් සවිතරාත්මකව ඔබට පිළිගන්නවා. Lemmon Grass සහ සියඹලා paste එකක් එක්ක පිළිගන්වන Grill කරපු Chicken සහිත Chicken Satay නම් අමතක නොවන ආහාරයක්. Halnan Steamed Rice Chicken ඔබ ගෙවන මුදලට විශිෂ්ටයි. Seafood Laksa කියන්නෙත් ඔවුන්ගෙ තවත් ජනප්‍රිය ආහාරයක්.

ඔවුන් ඉදිරිපත් කරපු Shaved Ice Based ABC Special කියන්නෙ වරණවත් වගේම රසවත් අතුරුපසක්. තවත් අතුරුපස ගනනාවක්ම Papparich හීදි රසවිඳින්න පුළුවන්. බීමවර්ග විදිහට අපි රස බැලුවෙ කිරි රසය උපරිමයෙන් තිබුණු Milo Dinosaur එකක් සහ Tropical Lime එකක්. හරිම රසවත්.

ඉතින් මැලේසියානු ආහාර වලට ආදරය කරන ඔබටත් මින් පෙර මැලේසියානු ආහාර අත්නොවිඳපු ඔබටත් අලුත්ම අත්දැකීමක් වේවි. නාවල Papparich. ඉතින් Papparich හී රසවත් අත්දැකීමක් විඳගන්න ඔබත් අමතක කරන්න එපා.

Life.lk ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00