2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මැදියම් රැයත් ගෙවුණු වගයි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

කොත්මලේ සිරිසේන අප අතර සිටින ප්‍රතිභා සම්පන්න කවියෙකි. මාධ්‍යවේදියෙකි. ඔහුගේ &මැදියම් රුයත් ගෙවුණු වගයි නමැති කෘතිය අර්ථාන්විත චින්තන ලෝකයකට විවර කළ නව දොරටුවක් වැනිය. සිරිසේනයන්ගේ පරිකල්පන ශක්තියේ අපූර්වත්වය මෙහිදී පිළිබිඹු වේ.

මඳක් කියා
රැසක් හැඟවීම
මහා කවිත්වයයි

යන්න කුමාරතුංග වියතාණෝ %මයුර සංදේශ^ විවරණයේදී උද්ධෘත කර දක්වති.

මැදියම් රැයත් ගෙවුණු වගයි කෘතියේ අන්තර්ගත කාව්‍යාත්මක කියමන් මදක් කියා කිසියම් ගැඹුරැ දාර්ශනික පණිවිඩයක් කියා පෑමට උත්සුක වූ අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. අර්ථ සංකෝචනය හොඳ සාහිත්‍ය කෘතියක තිබිය යුතු උසස් ලක්ෂණයකි. මෙහි එන බොහෝ කාව්‍යාත්මක කියමන්වල අර්ථ සංකෝචනය ප්‍රබලව ඉස්මතු වෙයි.

මෙය එක හුස්මට කියවා රස විඳිය හැකි විරල ගණයේ කෘතියකි.

මැදියම් රැයත් ගෙවුණු වගයි කෘතිය කියවන විට ජපන් භාෂාව කාව්‍ය ශිල්ප ක්‍රම සිහියට නැගේ. ජපන් සාහිත්‍ය හා භාෂාව සංකීර්ණ ප්‍රකාශණය කෙරේ. ප්‍රියතාවක් නොදක්වයි. එසේ වුවද සරල සෘජු ප්‍රකාශනය ජපන් කවියේ ඉස්මතුවන්නකි.
නෛසර්ගික ලක්ෂණයක් වන මෙම ක්‍රමය අතිශයින් කෙටි %හයිකු^ කවිවල සුලබව දක්නට ලැබෙන්නකි.

යුවතියකගේ පළපුරුද්ද 
රුකියාවකට ආභරණයකි. 
විවාහයට පැල්ලමකි. (23 පිට)
මේ තවත් කෙටි කවියකි.
ගම මරා දැමූ
මිනිසා
බිහි කළෙත්
හදාවඩා
ලොකු මහත් කළෙත්
ගමමය (29 පිට)

සරලත්වය යනු හැම විටම සියලු සංකීර්ණතා අකා මකා ගොඩ නැගෙන්නක් නොවේ. සරලත්වය යටින් දිවෙන දාර්ශනික කවියක් ද මතුකර ගත හැකි ශිල්ප ධර්මතා ද ජපන් කවීහු උපයෝගී කරගත්හ.
මෙම විධික්‍රම භාවිතය කොත්මලේ කවියාගේ නිර්මාණ තුළ ගැබ්ව ඇත.

චින්තනයට පොළඹවන කාව්‍යාත්මක කියමන්වල පැහැදිලිව දක්නට ඇති ස්වයං සිද්ධ රිත්මයක් පවතී. වචන හුදෙකලාව කරමින් කරන පද බෙදීමේ රටාව ද මෙහිදී විමර්ශනයට පාත්‍ර විය යුත්තකි.

කාව්‍යමය ප්‍රකාශන විධික්‍රම හඳුන්වා දෙමින් කොත්මලේ සිරිසේන කවියාගේ ප්‍රයත්නය නිර්මාණකරුවාට මෙන්ම විචාරකයාට ද නව කවුළුවක් විවෘත කර දෙයි.

 සුනිල් සරත් පෙරේරා

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00