2020 ජනවාරි 11 වන සෙනසුරාදා

2020ට එමිරේට්ස් වෙතින් විශේෂ ගුවන් ගාස්තු

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

මේ අලුත් අවුරුද්දේ ශ‍්‍රී ලාංකික සංචාරකයින්ට නවමු අත්දැකීමක් එක් කරමින් ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් විසින් ලෝකයේ සුප‍්‍රසිද්ධ ගමනාන්ත වෙත අඩු පිරිවැයකින් ගමන් කිරීම සඳහා 2020 වසර වෙනුවෙන් ‘Fly Better’ විශේෂ නව ගුවන් ගාස්තු නිවේදනය කර තිබේ.

ජනවාරි 07 වැනි අඟහරැවාදා සිට ජනවාරි 20 වැනිදා දක්වා මිලදී ගන්නා ටිකට්පත් සඳහා මෙම විශේෂ ගුවන් ගාස්තු වලංගු වන අතර 2020 ජනවාරි 13 වැනිදා සිට 2020 නොවැම්බර් 30 වැනිදා දක්වා මෙම ගුවන් ටිකට් පත් මගින් සංචාරය කළ හැකි බව ගුවන් සමාගම සඳහන් කරයි. මෙම විශේෂ ගුවන් ගාස්තු පවතින ගුවන් ගාස්තුවලට වඩා 20%ක් දක්වා මිල අඩු කිරීමක් නියෝජනය කරන බව එමිරේට්ස් සමාගම සඳහන් කරයි.

මේ අනුව, පවතින විනිමය අනුපාත යටතේ ඉකොනොමි පන්තියෙන් ඩුබායි වෙත සංචාරය කිරීමේ ගාස්තු සියලු බදු ඇතුළත්ව ඇමරිකානු ඩොලර් 342 කින් (රුපියල් 62,600 කින්) ආරම්භ වන අතර පැරීසිය වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 531 කින් ද (රුපියල් 97,000 කින්), ලන්ඩනයේ හීත්‍රෝ වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 715 කින් (රුපියල් 130,900 කින්)ද, නයිරෝබි වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 876 කින් (රුපියල් 160,400 කින්)ද, නිව්යෝර්ක් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 900 කින් (රුපියල් 164,800 කින්)ද, ඩුබායි හරහා මෙල්බර්න් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 836 කින් (රුපියල් 153,100 කින්)ද ආරම්භ වේ. මෙම ගුවන් ගාස්තු වෙනුවෙන් රුපියල්වලින් ගෙවිය යුතු මුදල ගෙවීම් කරන දිනයේ විනිමය අනුපාත අනුව තීරණය වනු ඇත.

මේ අතර, මෙම දීමනාව යටතේ බදු ඇතුළත්ව ව්‍යාපාරික පන්තියෙන් ඩුබායි වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 1,046 කින් (රුපියල් 191,500 කින්)ද, පැරිසිය වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 2,423 කින් (රුපියල් 443,500 කින්)ද, ලන්ඩන් හීත්‍රෝ වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 2,487 කින් (රුපියල් 455,300 කින්)ද, නයිරෝබි වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 1,797 කින් (රුපියල් 329,000 කින්)ද, නිව්යෝර්ක් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 3,704 කින් (රුපියල් 678,000 කින්)ද, මෙල්බර්න් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 2,818 කින් (රුපියල් 515,800 කින්)ද ආරම්භ වේ.

මේ අතර, මෙම විශේෂ ගමන් ගාස්තු යටතේ පළමු පන්තියෙන් බදු ඇතුළත්ව ඩුබායි වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 1,787 කින් (රුපියල් 327,100 කින්)ද, පැරිසිය වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 3,752 කින් (රුපියල් 686,800 කින්)ද, ලන්ඩනය වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 3,802 කින් (රුපියල් 695,900 කින්)ද, නයිරෝබි වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 2,744 කින් (රුපියල් 502,300 කින්)ද, ලොස් ඇන්ජලිස් වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 4,459 කින් (රුපියල් 816,200 කින්)ද, මෙල්බර්න් වෙත සංචාරය කිරීමට ඇමරිකානු ඩොලර් 4,001 කින් (රුපියල් 732,400 කින්)ද ගාස්තු ආරම්භ වේ. 

එම්රේට්ස් සෑමවිටම කටයුතු කරන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලයි. මෙම විශේෂ ප‍්‍රවර්ධනය නිර්මාණය කර තිබෙන්නේ තමන්ට පහසු මිලකට අපගේ ‘Fly Better’ අත්දැකීම ලබාගන්නයි යනුවෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා කලාපීය කළමනාකරැ චන්දන ද සිල්වා මහතා පැවසීය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00