2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ටාජ් සමුද්‍රා හෝටලේ සුවිශේෂී Tea Buffet එක

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය සංවිධානය කරලා තියෙන සුවිශේෂී Tea Buffet එකක් ගැනයි මේ. 2019 දෙසැම්බර් 1 සිට 2020 ජනවාරි 07 දක්වා නත්තල නිමිති කොටගෙන මේ උසස් මට්ටමේ තේ සාදය  පැවැත්වෙනවා. හෝටලයේ ලොබියෙහි දකුණුපස තවමත් නත්තල් සැරසිලිවලින් අලංකාර වූ The lattice හි පැවැත්වෙන Tea buffet  එක පහසුවෙන් සොයාගන්න පුළුවන්.

මෙහි Road Lamb, Onions Rolla, Crab toast with sweet corn, crispy paneer, chicken samosa ආදී  ආහාර වර්ග මෙන්ම  වර්ග රැසකින් sandwiches දකින්නත් පුළුවන්. ඒ වගේමයි නැවුම්ව හදපු Baked scones සමඟ orange marmalade සහ බෙරි ජෑම්, peach muffin with cream, Date and apricot slices, Mince pie, Fruit gateaux ආදී දිව පිනවන පැණි රසට කැමැති ඔබට ගැලපෙන ආහාරත් බොහෝමයක් අන්තර්ගතයි. නත්තල් අසිරිය දැනෙන විදිහට නිර්මාණය වුණු මේ සියල්ලක්ම තේ සාදයට අපූරුවට  ගැලපෙනවා. 

මේ සුඛෝපභෝගී වටපිටාවේ නත්තල් අසිරිය විඳිමින් මේ අපූරැ Tea Buffet එකට එකතු වෙන්න ඔබත් අමතක කරන්න එපා.

Life Web ඇසුරින්