2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

One Galle Face එකේ ඉන්දියානු රස පාලම

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

One Galle Face වෙත අලුතින්ම එක්වුණු සාමාජිකයා තමයි Bonbay Borough. ඔවුන්ගේ උත්සාහය One Galle Face ඉඳන් ඉන්දියාවට රස පාලමක් හදන්නයි. ඉන්දියානු හැඟීම ජනිත වන පසුබිමක් එක්ක අපූරුවට නිර්මාණය කරල තිබෙන අවන්හල සහ බාර් එක මගින් රසවත් ආහාර ආහාර සහ බීම වර්ග රැසක් ලබාගන්න පුළුවන්.

Kairi Sherbet සහ Rickshaw කියන මොක්ටේල් තමයි අපේ මුල්ම තෝරාගැනීම. ඒ වගේම Fiery Thecha praw, Chowpatty Corn chat, Chilly Cheese kulcha කියන සරල ආහාර වර්ග තුන ඊළඟ තෝරාගැනීම වුණා. ප්‍රධාන ආහාර බවට පත්වුණේ Fiery thecha prawns, chowpatty corn chat සහ Chilly cheese kulcha. ඒ වගේමයි ඔවුන් ළඟ අතුරුපස වර්ග 3ක් තිබෙනවා. ඒ තමයි Amritsari kulfa, Dark chocolate mess, Bombay ice cream sandwiches. හැම ආහාරයක්ම අඩුවක් නැතුව රසවත් ඉන්දියානු හැඟීම උපරිමයෙන් සම්ප්‍රේෂණය කරනවා.

කාර්යබහුල ජීවිතයේ හදිස්සි කෑමවේලකට වගේම පවුලෙ අය හිතමිතුරන් එක්කත් ඇවිත් අපුරු අත්දැකීමක් විඳගන්න ඔබට පුළුවන්. One Galle Face හී level 1-69 තියන Bombay Borough wela වලට 011 7011011 ඇමතුමක් දීල වෙන්කරගැනීමක් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔබත් මේ ඉන්දියානු රස පාලමට ගොඩවෙන්න අමතක කරන්න එපා.

Life Web ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00