2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කැලේ කෙළවරින් ඉර බසින යාමේ බීම එකක් තොල ගාන්න Oak Ray Elephant Lake Resort

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

සංස්කෘතික ත්‍රිකෝණයේ සුවිශේෂී ස්ථානයක් වන සීගිරිය නිතැතින්ම සංචාරක ආකර්ශනය දිනාගත් ගමනාන්තයකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන, වනජීවීන්ට නිවහනක් වන හබරණ හා සීගිරිය දේශීය සංස්කෘතියේ සහ සොබාදහමේ අපූර්වත්වය සංචාරකයන් හට විද්‍යාමාන කරයි. සීගිරිය, කිඹිස්ස ප්‍රදේශයේ පෞද්ගලික වනාන්තරයක පිහිටන Oak Ray සමූහයට අයත් Elephant Lake hotel යනු ඒ ලාංකික සංස්කෘතික පාරිසරික උරැමයන් දැකබලා ගන්නට පැමිණෙන සංචාරකයන් හට පාරාදීසයකි.

Deluxe rooms 20, super deluxe rooms 20 සහ Standard rooms 12 ඇතුළු කාමර 52කින් හෝටලය සමන්විතයි. වායු සමීකරණය කරන ලද කාමරවල සිට හබරණ වැව, නාන තටාකය සහ උද්‍යානයේ දර්ශනයක් දැකගත හැකියි. හැම කාමරයක්ම පාහේ mini bar, tea/coffee makers, satellite TV, telephone හා නවීන නාන කාමර ආදියෙන් අංගසම්පූර්ණයි.

ප්‍රධාන අවන්හල තියෙන්නෙ ප්‍රධාන ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ. ඒ ප්‍රධාන පිහිනුම් තටාකය සමීපවයි. ඔවුන් buffet style උදේ ආහාරය, La carte ආකාරයට දහවල් හා රාත්‍රී ආහාර ඉදිරිපත් කරනවා. ඉල්ලීම් පරිදි Al-fresco ආකාරයට ආහාර පිරිනමන්නත් ඔවුන් සූදානමින්. ඒ වගේම pool bar එකක් සහ lounge bar එකකුත් තියෙනවා. ඔවුන් දේශීය ආහාර පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ අවට පරිසරය හා දේශීය ආහාර හොඳින් මුසුවන නිසාවෙන්. Outdoor pool එකක් සහ BBQ පහසුකම් තියෙන නිසාවෙන් බීම එකක් බොන ගමන් වනාන්තරයේ ඉර බැස යන අයුරැත් ඔබට නරඹන්න පුළුවනි. 

Elephant Lake Resort වල ලැඟුම්ගන්න ඔබට කුරුල්ලන් අලි ඇතුන් ඇතුළු වනජීවීන් නරඹන්න වගේම ගම්පියසවල සංචාරය කරන්නත් පුළුවන්. මින්නේරිය, කවුඩුල්ල, හුරුළුවැව, රිටිගල, පිදුරංගල, නාමල් උයන ඇතුළු සංචාරක ගමනාන්ත රුසක් වෙත පහසුවෙන් ළඟා වෙන්නත් පුළුවනි. 

ඉතින් දේශීය සංස්කෘතික පාරිසරික සුන්දරත්වය විඳගන්න Oak Ray Elephant Lake Resort අපූරැ සංචාරක නවාතැනක් වනු නියතයි.

By Sanath Weerasuriya
Pics by Nilan Maligaspe

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00