2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

HIT TIPS

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

මොරගල්ල බීච් එකේ අමෙරිකන් සංගීතය

ලංකාවේ කලාතුරකින් විඳගන්න ලැබෙන අමෙරිකානු සංගීත රිද්මය විඳගන්න ඔබටත් පුළුවනි. ප්‍රසංගය සංවිධානය වෙන්නේ බේරුවල මොරගල්ල Golden Mile Beach එකේ. දෙසැම්බර් 14 වැනිදා සවස 7ට. විශේෂත්වය තමයි  BlueDream කියන අමෙරිකානු සංගීත කණ්ඩායම මේ වැඩේට ලංකාවට එනවා. Rock, reggae, RnB, pop, rap, blues, වගේ සංගීත රිද්මයන්ගෙන් හැඩවන මේ ප්‍රසංගයට එකතු වුණොත් ඔබටත් ජාත්‍යන්තර සංගීත අත්දැකීමක් ලබන්න පුළුවනි.

රාජගිරියේ ආහාර සැණකෙළිය

Ceylon Food Fest කියන්නේ ආහාර සැණකෙළියක්. මේ ආහාර සැණකෙළිය පැවැත්වෙන්නේ රාජගිරියේ. දෙසැම්බර් 13 වැනිදා ඉඳලා 15 වැනිදා වෙනකල් වැඩේ යනවා. සවස 2 ඉඳලා රාත්‍රී 11 වෙනකම් මේ ආහාර සැණකෙළිය සැමට විවෘතයි. ඒ පැත්තට ගොඩවුණොත් මේ නිවාඩු කාලේ රසවත් අත්දැකීමක් විඳගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00