2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ලන්ඩන් නගරයේ කොළඹ වට්ටෝරුව Kolamba

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ලන්ඩනයේ ශ්‍රී ලාංකික ආහාර සංකේතය Kolamba නම් වේ. කුළුබඩු මුසු වූ දේශීය ආහාරවල සුවිශේෂීත්වය මධ්‍යම ලන්ඩනයට රැගෙන ගියේ අවුශි සහ එරෝශාන් මීවැල්ල විසිනි. නිවෙසේ දී අත්හදා බැලූ දේශීය ආහාර මෙන්ම හිතමිතුරන්ගෙන් ලැබුණු වට්ටෝරුවලින් ද ඔවුන්ගේ  මෙනුව පොහොසත්ය. මධ්‍යම ලන්ඩනයෙන් පිටත ඇත්තේ ශ්‍රී ලංකා අවන්හල් කිහිපයක් වුවත් මධ්‍යම ලන්ඩනයේ සංචාරක ආකර්ෂණය ඉහළ සොහෝ හි මෙවන් ව්‍යාපාරයක් අපූරු අවස්ථාවක් වනු ඇත.

Chatti roast, kamala’s kalu pol pork, Sri Lankan Parippu, Snakegroud මේ වන විටත් ජනප්‍රිය ආහාර බවට පත්ව තිබේ. එමෙන්ම දේශීයත්වය මුසු වූ cocktail මෙනුවක් ද Kolamba සතුය.

ආසියානු හා නූතනවාදී ගෘහ නිර්මාණයෙන් අලංකාර වූ අවන්හලේ දේශීය අනන්‍යතාව, කඩදාසි පහන් හා බතික් කලාව නිරූපණය කරන ආලෝකකරණයෙන් පිළිබිඹු වේ. චිත්‍ර ශිල්පී සොනාලි ධර්මවර්ධන ආදී  දේශීය කලාකරුවන්ගේ නිර්මාණයන්ට ද  ඉඩක් විවර කරන අවන්හලේ කුෂන් කොට්ට සම්ප්‍රදායික දුම්බර රෙදි විවීම පෙන්නුම් කරයි.
සැබැවින්ම Kolamba වනාහි දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යන ආඩම්බරකාර ව්‍යාපාරයක් වීම ශ්‍රී ලාංකිකයන්ට සතුටු වන්නට කාරණයකි.

Life web ඇසුරින්