2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රටේ ආර්ථික වර්ධනයක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වූ සිකුරු බ්‍රහස්පතිට අයත් ධනු රාශියට 2019 නොවැම්බර් මස 21 වන ගුරැ දින දහවල් 12 පසුවී විනාඩි 23ට පිවිසේ. අනතුරැව 2019 දෙසැම්බර් මස 15 වන ඉරු දින සවස 5 පසුවී විනාඩි 59 දක්වාම ධනු රාශිගතව ගමන් කරන අතර සෙනසුරැ සහ බ්‍රහස්පති ද සමඟ යෝගව ගමන් කරනු ඇත. මෙම කාලවකවානුව තුළ අප රටේ ආර්ථික වර්ධනයක් සිදුවන අතර වැඩකරන ජනතාවට ශුභ ඵල අත්වන කාලයක් වේ. කාන්තා හා ළමා සුබසිද්ධිය වෙනුවෙන් විශේෂ කටයුතු සිදුවන අතර රංගන ශිල්පීන්ට විශේෂ වරප්‍රසාද අත්වන කාලයක් වේ. උසස් රාජ්‍ය නිලධාරින්ගේ විවාහ කටයුතු සිදුවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත ප්‍රධානීන් පක්ෂ මාරුකිරීම්ද සිදුවන අතර චිත්‍ර හෝ ලේඛන කටයුතුවල නිරත අයකුට මාරක වනු ඇත.

මේෂ - වැඩ පමාවේ

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වන කාලයක් වේ. විනෝද ගමන් ආගමික ගමන් යෙදෙන කාලයක් වේ. අන් අය අතර කැපී පෙනෙන අතර විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වන්නාවූත් කාලයක් ද වේ.

වෘෂභ - හිමිකම් ලැබේ

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධාවන් ඇති කරනු ලබන කාලයකි. එපාවීම් කලකිරීම්වලට පත්වනු ඇත. උරැම හිමිකම් ලබාගැනීමට යහපත් වන්නාවූත් කාලයක් වේ.

මිථුන - මංගල යෝජනා

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වන කාලයක් ද වේ.

කටක - එපාවීම් හා කලකිරීම්

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා මතුවන අතර නෑදෑ ප්‍රශ්නයක් ඇති වියහැකි කාල සීමාවක් ද වේ. එපාවීම් කලකිරීම්වලට පත්වනු ඇත. ලැබීම් මාර්ගවලට බාධාවීම් ද ඇතිවනු ඇත.

සිංහ - පෙම් සබඳතා

විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක් වන ඔබ අවිවාහක නම් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන කාලයක් ද වේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. විසිතුරැ දේවල් මිලදී ගන්නාවූත් කාලයක් ද වේ.

කන්‍යා - හොඳ හිත වර්ධනයට

තම මතයට අනුව කටයුතු කරන්නාවූත් කාල වකවානුවක් වේ. අලුතින් වාහනයක් හෝ දේපලක් මිලදී ගැනීමට ද යහපත් වන කාලයක් වේ. සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් සමඟ හොඳ හිත වර්ධනය වන කාලයකි.

තුලා - උදව් උපකාර

සහෝදර සහෝදරියන් සමඟ හොඳ හිත ඇති වන අතර ඔහුන්ගෙන් තමාට උදව් උපකාර අත්වන කාල සීමාවකි. නිර්මාණශීලී අදහස් ජනිත වනු ඇත. අතපයවලට පීඩා ඇතිවන්නාවූත් කාලයක් ද වේ.

වෘශ්චික - ආර්ථික අපහසුතා.

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වන මුත් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකි සිටිය යුතුවේ. ආර්ථික අපහසුතා ද ඇතිවන කාලසීමාවකි.

ධනු - සමගිය ලියලයි

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත් වන අතර මුදල් ගනුදෙනු වලදී පරිස්සම් වීම වැදගත් වේ. තම මතයට කටයුතු කරන කාලයක් ද වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වන වකවානුවක් ද වේ.

මකර - බාධා වැඩියි

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා එල්ල වන්නාවූත් කාලයකි. එපාවීම් කලකිරීම්වලට පත්වනු ඇත. පවුල් දිවියේ සමගිය පළුදු විමේ සිදුවීම් ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

කුම්භ - යහපත් කෙටි ගමන්

හවුල් කටයුතු ආරම්භයට යහපත් වන කාලයක් වේ. සමාජ සේවා කටයුතුවලින් ඵල අත්වනු ඇත. සාර්ථික කෙටි ගමන් යෙදෙන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන්නාවූත් කාලයක් ද වේ.

මීන - සේවා ප්‍රශ්න

දුරගමන් යෙදෙන අතර තම පවුලේ හිතවතුන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන කාලයක් ද වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන අතර නිවසට විසිතුරැ භාණ්ඩ මිලදී ගන්නාවූත් කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල