2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ගරු බුහුමන්වලින් අඩු නැති මාලවී යෝගය

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 396

කිසියම් ජන්මියකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින් (මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ඡ ක්ෂේත්‍ර රාශිය ද වන නිසා) ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතැනම සිටින විට මාලවී යෝගය ලැබීමේ වාසනාව උදාවේ. මෙයට නිදසුන් කිහිපයක්ම ගෙනහැර දැක්වීමට පුළුවනි.

තවද කිසියම් ජන්මියකු කන්‍යා ලග්නයෙන් ඉපදී විට එහි හත්වැන්න රාශිය මීන රාශිය වන්නේය. එම සිකුරැ ග්‍රහයා එම මීන රාශිය ද වන්නේය. තවද එම සිකුරැ ග්‍රහයා එකම මීන රාශියේ හත්වැන්නේ උච්ඡක්ෂේත්‍රව සිටීම ද මාලවී යෝගය ජනිත වීමට හේතු වේ.

ලොව නව තාක්ෂණයේ විද්‍යුත් ශක්තීන්හි ආකර්ෂණ බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයක් ජන්මියාට උදා කරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතු වේ. මාලවී යෝගය පංච මහා පුරුෂ ලක්ෂණවලින් එකක් වන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේ ද පංච මහා පුරුෂ ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගය ද තුරැළු කරගෙනය. කෙසේ වෙතත් සුබවාදී ග්‍රහයෝගයන් ලබමින් බැබළුණු ජනතාවාදී නායකයන් මෙන්ම උතුමන්ට ද අසුබ ග්‍රහයෝග යෙදීමෙන් කරදර කම්කටොලුවලට මුහුණ දීමට සිදුව ඇත.

මාලවී යෝගය කිසියම් ජන්මියකුට උරුම වූයේ නම් ඔහු හෝ ඇයට ප්‍රභූන්ගේ හා උතුමන්ගේ ගරැ සැළකිලි තාන්න මාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේය. කෙත්වත්, භවභෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුණු ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍ය ලැබීමට සැප සම්පත් ආඩ්‍ය කර ගැනීමට ද ඔවුහු වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මීන්ගේ කතා විලාශයන් මෙන්ම අඟපසඟ ද අන්‍යයන් කෙරේ ඉතා හුරුබුහුටි ලෙස ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘතව නිවීහැනහිල්ලේ නිවහල්ව ජීවත්වීමට දැඩි ලෙස ප්‍රිය කරති. මෙම ජන්මීන්ට මිනිසුන් වශීකෘත වන්නේය. එසේම පිරිස් බලය ඔවුන් වටා රොක් වන්නේය. නිතරම ප්‍රනීත ආහාර පානවලට, රසයට ප්‍රිය වන්නේය. මොවුන්ට මිතුරන් අඩු නැත. මිතුරියන් ද වැහි වැහැලාය. එසේම කෙළි බිමට, කෙළිසෙල්ලම්වලට ආශාව දක්වති. අසීමිත පැතුම් ගොන්නක් ඇති මෙම යෝගයේ යෙදුණු විට ජන්මීන් රාගයෙන් මත්වන අවස්ථා ද දැකිය හැකිය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කියතොත් සෙසු ග්‍රහයන්ගේ යම්කිසි මැඩපැවැත්මක් නොතිබුණහොත් අසුබවාදී ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වල නිරත වෙයි. මාලවී යෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුව ද අනෙකුත් ග්‍රහයන්ගෙන් චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටියහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නා ගත හැකි වන්නේය.

කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලබා ජන්ද්‍ර ලග්නය, හතර, හත, දහය යන්නා වූ කේන්ද්‍රස්ථානයක බලවත්ව සිකුරැ ග්‍රහයා සිට එනම් උච්ඡක්ෂේත්‍රව එසේත් නැතිනම් ස්වක්ෂේත්‍රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියකුට අසුබවාදී ග්‍රහචාරයන්ට ද මුහුණ දීමට සිදුවීම වළකාලන්නට නොහැකිය.

සිකුරැ නැති නම් කිවි ග්‍රහයාගේ බලසම්පන්න තේජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ශෘංගාරාත්මකව හැසිරෙන සිකුරැ වඩාත්ම ඇලුම් කරන්නේ ජන සමාජයට, සුපිරිසිදු පරිසරයට, ආදර බන්ධනයට, කාමාස්වාදයට සහ විසිතුරු ඇඳුමට පැළඳුමටය. මාලවී යෝගය ලබා ඇති ජන්මියාට ඉහත කී දෑ සුවිශේෂ වේ.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00