2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

පුංචි එංගලන්තයේ ලොකු ආඩම්බරය Grand hotel Nuwara Eliya

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

Grand hotel NuwaraEliya යනු කඳුකරයට තවත් එක් ආඩම්බරයක්. වසර 195කට මත්තෙන් බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්හට, ඉහළ පෙළේ සිවිල් සේවකයන් හා හමුදා නිලධාරීන්හට නිවසින් බැහැර නිවසක් වූ Sir. Edward Barnes සන්තක වූ මේ ඉපැරැණි බංගලාවේ වර්තමාන නිරූපණය පිළිබඳ ඔහු සිහිනෙන්වත් නොසිතුවා වන්නට ඇත.

වසර ගණනක් පුරා විශිෂ්ට චාරිකාවක් පැමිණි Grand හෝටලය වසරින් වසර තම පාරිභෝගිකයන්හට නැවුම් අත්දැකීම් තිළිණ කරයි. අතීතයේ මෙන්න අදත් Grand හෝටලයේ ආහාර රාජකීයත්වයෙන් පිළිගැන්වෙයි. පැරැණි බිම්මහලේ මුළුතැන්ගෙය සූපශාස්ත්‍ර පර්යේෂණාගාරයක් බවට පත්ව ඇත්තේ එබැවිනි. ලොව නන් දෙසින් සූපශාස්ත්‍ර බුද්ධිය කැටිකොට ගත් මෙම ස්ථානයට ප්‍රවීණ සූපවේදීහු ද එක්වෙති. ආහාරවල උසස් තත්ත්වය සඳහා පර්යේෂණ කරන මෙම ස්ථානය ආහාර පාන විද්‍යාගාරයක් යැයි පැවසීම වටී. අවන්හල් හතක්, බාර් දෙකක් සමඟ කටයුතු කරන සූපවේදී මණ්ඩලය වැඩකටයුතු අවසානයේ නව අත්හදාබැලීම් සිදුකරන්නටද අමතක නොකරයි.

Grant හෝටලයේ තවත් විශේෂත්වයක් නම් pool, spa, sauna සහ gym ආදියෙන් සැදුම්ලත් Mindfulness Studio එකයි. ප්‍රවීණ චිකිත්සකවරැන් යටතේ මනසත් ශරීරයත් සන්සුන් කරගැනීමට අපූරු පරිසරයක පිහිටි මෙම ස්ථානය සැබැවින්ම ලෝක මට්ටමේ නිර්දේශයන්ට අනුකූල වූවකි. උෂ්ණත්වය වෙනස් කළ හැකි නාන තටාකයත් ඔබ අනන්ත නිස්කලංක භාවයකට ගෙන යනු ඇත. නුදුරේම එළඹෙන නත්තල් නිවාඩුව වෙනුවෙන් ඔවුන් අපූරු Christmas palace එකක් නිර්මාණය කර ඇත්තේ තම ආගන්තුකයන් වෙනුවෙන්මය. නොවැම්බර් 30 සිට ඇරඹෙන Christmas palace හී කුඩා දරැවන්ට වෙනුවෙන්ම උත්සව, චිත්‍රපට, ආහාර පිසීම් ආදී බොහෝ දෑ සූදානමින් ඇත. සැබැවින්ම නත්තල් අසිරිය තම ආගන්තුකයන් වෙනුවෙන් උපරිමයෙන් ලබාදෙන්නට Grand hotel Nuwaraeliya සූදානමිනි.

හරිතවත් තණපලස්, උස් කඳු මුදුන්වලින් වටවූ සීතල නුවරඑළියේ අසිරිමත් නත්තල සමරන්නට Grand hotel සොඳුරැතම ස්ථානය වනු නියතය.

- සනත් වීරසූරිය

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00