2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

August කියන්නෙ අගෝස්තු නොවේ අපූරු අරාබි අවන්හලක්

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

August කියන්නෙ කොළඹ 8, ඩඩ්ලි සේනානායක මාවතේ පිහිටල තිබෙන අපූරු මැදපෙරදිග අවන්හලක්. සැබවින්ම ඔවුන් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. 1946 තරුණ මනාලියක් ලෙස ලංකාවට පැමිණි Aida suby ආහාර පිසින්න කොතරම් ඇලුම් කළාද කිවහොත් ඇය Mama Aida ලෙස කා අතරත් ජනප්‍රිය වුණා. ඇය මෙන්ම ඇයගේ දියණියත් මේ ව්‍යාපාරයන්ට අත්පොත් තැබුවා පමණක් නොවේ අද වනවිට එය තුන්වැනි පරම්පරාවේ එනම් mama Aida ගේ මිණිබිරිය වන Amrita විසින් කරගන යනු ලබන ව්‍යාපාරයක්. ඇයගේ උපන් මාසය නිසාවෙන් August යන නම එක්වුණු බවයි දැනගන්න ලැබුණෙ. කොහොම වුණත් August වෙතින් මැදපෙරදිග ආහාර වේලක් රසබලන ඔබගේ ප්‍රියතම මාසය August වනු නියතයි.

මා සඳහා මෙනුවක් නිර්දේශ කරන ලෙස Amritaගෙන් ඉල්ලා සිටියා. පළමුවෙන් Hummus, Fattoush, සෙමින් පිසින ලද බැටළු මස්, Butter bean සහ Spinach, Fatteh and assortment of bread ආදියත් ප්‍රධාන ආහාරය සඳහා Sayyadiyen dukkah prawns ඇය නිර්දේශ කරා. අතුරැපස සඳහා Pannacotta සහ Chocolate tart තමයි රස බැලුවෙ. එකකට එකක් නොදෙවෙනි රසයක්.

සමස්තයක් ලෙස ගත්විට මෙහි නිතර මුණගැසෙන පාරිභෝගිකයන් හට ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ග තිබෙනවා. වඩාත් අලෙවි වන ආහාර ලෙස නම් Hummus, pita bread, සෙමින් පිසින ලද බැටළු මස් සහ harissa chicken හැඳින්විය හැකියි.

ඔවුන්ගේ ආහාරවල තවත් විශේෂත්වයක් තමයි ඒවා සෞඛ්‍ය සම්පන්න වීම. විශේෂයෙන් කොළඹ නගරයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැටලුවක් වෙලා තිබෙන මෙවැනි කාලයක August කියන්නෙ හොඳ විකල්පයක්. ඔවුන් වසරකට වරක් හෝ දෙවරක් මෙනුව අලුත් කරන්නත් කටයුතු කරනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නැවුම් අත්දැකීමකට අපූරු තැනක්. මේ අපූරැ මැදපෙරදිග රසයන් අත්විඳින්න ඔබත් අමතක කරන්න එපා.

ධනූ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00