2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කඳු කඩා වැටීම් හා නායයාම් අනතුරු

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

ග්‍රහ මණ්ඩලයේ රජු වූ සූර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ වෘශ්චික රාශියට 2019 නොවැම්බර් මස 16 වැනි ශනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 51ට පිවිසේ. එසේ පිවිස බ්‍රහස්පතිට අයත් විසා නැකතේ 4 වැනි පාදයෙත්, සෙනසුරැට අයත් අනුර නැකතේ සම්පූර්ණවත්, බුධට අයත් දෙට නැකතේ සම්පූර්ණවත් ගමනින් 2019 දෙසැම්බර් මස 16 වැනි සඳු දින සවස 3 පසුවී විනාඩි 28 දක්වාම ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී විදේශීය රාජ්‍යයන් සමඟ සම්බන්ධකම් වර්ධනය වන වකවානුවක් වේ. පතල් ආශ්‍රිත අනතුරු ඇතිවන කාලයක් බැවින් අවධානයෙන් සිටිය යුතු වේ. පස්කඳු කඩා වැටීම්, නායයාම් අනතුරු ද වර්තා වේ. කර්මාන්තශාලා ආශ්‍රිත ප්‍රශ්න පැන නගින කාලයක් ද වේ.

මේෂ - උත්සාහයට ප්‍රතිඵල නැහැ

ඔබගේ දියුණුවට බාධා මතුවන කාලයක් වන අතර දරුවන් ලැබීමට සිටින අය මෙම වකවානුව තුළ ප්‍රවේසම් වීම වැදගත් වේ. තම උත්සාහයේ තරමට ඵල නෙලාගත නොහැකි වන්නාවූත් සමයකි.

වෘෂභ - විදේශ ගමන්

ඔබට එරෙහි සැඟවුණු සතුරු පීඩා අනාවරණය කරගත හැකි වනු ඇත. තම මතයට ක්‍රියා කරන කාලයක් වන අතර හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ද ඇතිකර ගනී. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

මිථුන - සමේ රෝග

ඔබට යහපත් ඵල අත්වනු ඇත. ඔබට එරෙහිව පැවති ප්‍රශ්න සතුරු පීඩා මඟහරවා ගත හැකි කාලයකි. සිතේ ගැටලු මතුවන අතර ශරීරයේ ඌෂ්ණාධික ගතිය වැඩි වේ. සම ආශ්‍රිත රෝග පීඩා ඇතිවනු ඇත.

කටක - ප්‍රමාද වැඩියි

ඔබගේ යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. තමාගේ මහන්සියේ තරමට ඵල නෙලාගත නොහැකි වන අතර ආර්ථික ප්‍රශ්න ද මතුවන කාලයක් වේ.

සිංහ - සිත් නරක්වීම්

තම මතයට ක්‍රියා කරන කාලයක් වන අතර පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටීමට වගබලාගත යුතුය. යම් යම් ගැටලු නිසා සිතට වදවීම් ඇතිවනු ඇත. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යයි.

කන්‍යා - නිර්මාණශීලී වැඩ

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම නිසා හිතවතුන් සමඟ සිත් අමනාපකම් ඇතිවන කාලයක් වේ. මාධ්‍ය කටයුතුවල නිරත අයට මෙන්ම නිර්මාණශීලී වැඩවල නියැලී සිටින අයට ශුභ ඵල අත්වන කාලයක් වේ.

තුලා - අනවශ්‍ය ගැටලු

ඔබගේ උත්සාහයේ තරමට ඵල නෙලාගත නොහැකි වන කාලයකි. ආර්ථික අපහසුතා ද ඇතිවන කාලයකි. අනවශ්‍ය ප්‍රශ්න කරදර තමා වෙත පැමිණෙන බැවින් අවධානයෙන් කටයුතු කළ යුතු වේ.

වෘශ්චික - ප්‍රශ්න මඟහැරේ

සුබ ඵල අත්වන අතර තම කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රුසක් මඟහැරී යන කාලයක් ද වේ. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් ද වේ.

ධනු - ඇස්වල පීඩා

ගමන්වලදී හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඔබගේ උත්සාහයේ තරමට ඵල නෙලාගත නොහැකි වන කාලයක් වේ. ඇස්වල පීඩා ද මතුවනු ඇත.

මකර - කැපී පෙනේ

දේශපාලන කටයුතුවල නිරත වී සිටින ඔබට ඵල අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට ඔබව පත්වන අතර හවුල් කටයුතුවලින් ද ඵල අත්වන්නාවූත් කාලයක් වේ.

කුම්භ - උසස්වීම් ලැබේ

නව රුකියා අපේක්ෂා ඉටුකරගත හැකි කාලයක් වේ. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ඇත. උසස්වීම් අපේක්ෂා කළ අයට ද යහපත් වන අතර පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු කාලයකි.

මීන - සිතේ සහනය අඩුවේ

ඔබගේ දියුණුවට බාධා මතුවන කාලයකි. සිතේ සහනය අඩුවන අතර ප්‍රශ්න වැඩි කාලයක් වේ. දුරගමන් විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන සමයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල