2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

කටුනායක ගුවන් තොටේ කුඩු හොයන රොබෝ චෙකර්ලා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

“, විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රධාන ආරක්ෂක අංශවලින් නොකඩවා සිදුකරයි. දුෂ්කර මෙහෙයුමකින් පසුව මත්කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනුණද ජාවාරමේ කරුණු අනාවරණය කරගැනීමත් සමඟ එහි මහමොළකරුවෝ වෙනත් ක්‍රමයක් ඔස්සේ ජාවාරම මෙහෙයවීමට උත්සාහ ගනිති. ඔඩුදුවා තිබෙන මත්උවදුර මැඩලීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමටද පියවර ගැනිණ.

ජාවාරමුන් විසින් මත්ජාවාරම එකදිගට සිදුකළද ඊට එරෙහි වැටලීම් ආරක්ෂක අංශ මගින් නිතිපතා සිදුවෙයි. විදේශවල සිට ගුවන් තොටුපොළ හරහා මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට සිදුකළ රොබෝවරුන් යොදාගැනීම පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආරම්භ කෙරිණ.

කටුනායක ගුවන්තොටුපළේ ඇතුළුවීමේ හා පිටවීමේ පර්යන්ත ආවරණය කරමින් නව රොබෝ ආරක්ෂක ක්‍රමවේදය දියත් කිරීමට පියවර ගෙන තිබෙන අතර එමගින් එම ස්ථානය අවට ස්ථාන පුද්ගලයන් හා භාණ්ඩ හා උපකරණ පරීක්ෂාව සිදුකෙරේ. “Robot Inspection Dog” නමින් හඳුන්වන රොබෝ යන්ත්‍ර දෙකක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට යොදවා තිබේ. එක් යන්ත්‍රයක් රුපියල් කෝටි අටහමාරක් පමණ වන අතර මේවා චීන රජයෙන් ලද පරිත්‍යාගයකි. මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලියේ සාර්ථක සංධිස්ථානයක් සනිටුවහන් කරමින් පොලිස් දෙපාර්තමේන්තුවට පිරිනැමුණු රොබෝ යන්ත්‍ර දෙක දැනට කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කරයි.

විෂ මත්ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ නවීන තාක්ෂණයකින් හෙබි යන්ත්‍රය එවැනි ද්‍රව්‍යයක් ඇතැයි නිරීක්ෂණය කළ වහාම ඒ බව සංඥාවක් මගින් දැනුම් දෙයි. ඊට අමතරව පරීක්ෂාව සිදුකළ අවසන් බව දක්වමින් රිසිට් පත්‍රයක්ද නිකුත් කරයි. මේ ආකාරයේ ලොව දියුණුතම තාක්ෂණය මෙරට මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ කාර්ය සඳහා යොදවා ගැනීමට සමත්වීම පොලීසිය ලද ජයග්‍රහණයකි.

රොබෝ තාක්ෂණය දියුණු රටවල කේෂත්‍ර ගණනාවක් සඳහා රොබෝලා භාවිත කරයි. රොබෝ යැයි කී විට මිනිස් සිරුරට සමාන හැඩයකින් යුත් යන්ත්‍රයක් මතකයට ආවද එවැනි ස්වරෑපයක් පැවැතියේ මීට වසර ගණනාවකට ඉහතදීය. එහෙත් අවශ්‍යතාව අනුව උපරිම සේවයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මේ වනවිට රොබෝ යන්ත්‍ර විවිධ ස්වරෑපයෙන් නිමවා ඇත. ඒ ඔස්සේ මිනිසුන්ට අපහසු බොහෝ කාර්යයන් පහසුවෙන් ඉටුකිරීමට හැකිය.

මිනිස් සිරුරේ අභ්‍යන්තරය ගවේෂණය සැත්කම් සිදුකිරීම් වැනි සූක්ෂම කටයුතු රොබෝ තාක්ෂණයෙන් සිදු කෙරෙද්දී බෝම්බ හඳුනාගැනීම හා නිෂ්ක්‍රීය කිරීම වැනි කටයුතුවලද නිපුණත්වයක් පෙන්වයි. මේ අතර රොබෝ තාක්ෂණය ඔත්තු බැලීම සඳහා යොදාගන්නා අවස්ථා ද පවතී. රොබෝවරුන්ට පරිසරයෙන් තොරතුරු ලබාගැනීම සඳහා සෙන්සර් (Sensors) හෙවත් සංවේදක භාවිත කරයි. වර්තමානයේ රොබෝ තාක්ෂණ නිර්මාණය කරන සත්වයන් දැකිය හැකිය. (Crabster) නැමැති කකුළුවකුගේ හැඩය සහිත රොබෝ යන්ත්‍රය මුහුදු රළට ඔරොත්තු දෙන පරිදි නොපෙරළී සිටීමට හැකි තාක්ෂණයකින් හෙබිය. එසේම බිග් ඩෝග් (Big Dog) ‍‍රොබෝ තාක්ෂණය අනුව ඕනෑම රළු බිමක භාවිත කිරීමට හැකි යන්ත්‍ර නිපදවා තිබේ. මෙවැනි රොබෝවරැ යුද බිමේ සෙබළෙකු හා සමානය. මේවා ඉතාමත් රළු පොළවකට හා කාලගුණයකට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කොට ඇත.

බෝම්බ නිෂ්ක්‍රීය කිරීම, ආබාධිත අයට ආධාරක ලෙස හා වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා ද දැනට ලංකාවේ රොබෝ තාක්ෂණය භාවිත කෙරේ. එහෙත් මනුෂ්‍ය ස්වරෑපයට සමාන හෝ කතා කිරීමට හැකි රොබෝවරුන්ගේ අධික මිල නිසා ලංකාවේ එවැන්නක් භාවිත නොකෙරේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට භාවිතයට ගන්නා රොබෝ යන්ත්‍රය ස්ථාපිත කළ අවස්ථාවට චීන මහජන සමූහණ්ඩුවේ නිලධාරින් පිරිසක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.

► සමන්ත ප්‍රදීප් විල්තෙර