2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ත්‍රාසජනක නිවාඩුවකට AC-TV නැති Nine Skies

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ත්‍රාසජනක කඳුකර නිවාඩුවකට නම් ඇල්ල කියන්නෙ අපූරු තැනක් බව නොරහසක්. ඇල්ල ප්‍රදේශයේ පිහිටන Teardrop hotels සමූහයේ එකම දේපළ තමයි Nine Skies කියන්නෙ. හෝටලයේ සිට මිනිත්තු 10 කින් ආරුක්කු නවයේ පාලම වෙත ළඟාවිය හැකි නිසාවෙන් තමයි මේ අහස් නවය නැත්නම් Nine Skies කියන නම යොදාගෙන තියෙන්නෙ.

Nine Skies කියන්නෙ සැබැවින්ම බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවන්ට අයත්ව තිබූ යටත්විජිත සමයේ බංගලාවක්. මෙහි නවීන පහසුකම් සියල්ලන්ගෙන්ම අංගසම්පූර්ණ සුඛෝපභෝගී විශාල කාමර 5ක් දැකගත හැකියි. කාමරවලටත් වඩා මෙහි සුඛෝපභෝගී නාන කාමර ඔබේ සිත්ගනු නියතයි. Tea maker, safe locker, hair dryer ආදී බොහෝ දෑ අන්තර්ගත වුණත් AC හෝ TV මෙහි දැකගන්නට නෑ. සිසිල් කාලගුණයට ප්‍රයෝජනවත් නොවන නිසා AC නොමැති අතර TV රහිත වීමෙන් ඔවුන් ඔබට Plug out නිස්කලංක නිවාඩුවක් තිළිණ කරනවා.

ඒ වගේමයි පෞද්ගලික උද්‍යානය, සිතුවිලි අකුරු කරන්නට වගේම බංගලාවෙන්ම සොයාගත් පොතක අකුරු කියවන්නටත් තේ පැන් සංග්‍රහයකටත් අපූරු පරිසරයක්. Demodera නගරයේ සහ කඳු පන්තියේ දසුන් නෙත ගැටෙන නානතටාකයත් පුස්තකාලයත් Nine skies හී සිත්ගන්න අපුරු තැන් අතරට එක්වෙනවා.

Nine skies හී පැකේජයට ආහාර සඳහා වන ගාස්තුද ඇතුළත් වෙන අතර හෘදයාංගම උදෑසන ආහාර යත් දේශීය ආරේ දහවල් ආහාරයත් ගෙදර හැදූ බිස්කට් සහ කේක් සමඟ තේ පානයත් courses 3කින් යුත් රාත්‍රි ආහාරයත් සැබැවින්ම අපූරුයි. මේ සෑම වේලක් සඳහාම විකල්පය සහිත මෙනුවක් ඇති නිසා එකම ආහාරය දෙවරක් ගැනීමට අවශ්‍ය වන්නෙ නෑ නිසැකයෙන්ම. මෙහි පෞද්ගලික butler service එකත් විශිෂ්ටයි. විවේකාගාරයේ සිට ඔබේ butler hlo හරහා විවිධ ස්ප්‍රීතු වර්ග වගේම cocktail රසවිඳින්නත් හැකියි.

Nine skies හී ලැගුම්ගන්න ඔබට cycling, Explore වගේ අත්දැකීම් ලබන්න පහසුකම් තියෙනවා. Nine Arch Railway, Demodera 360 degree loop, little adams peak, ella rock, Ravana falls, ravana cave වගේ ස්ථානය නරඹන්නටත් හැකියි.

ඉතිං ඔබත් Nine skies සුන්දර නිවාඩුවක් ගතකරන්න අමතක කරන්න එපා.

Life web ඇසුරින්