2017 මාර්තු 18 වන සෙනසුරාදා

අතමිට සරුවන කාලයක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

 

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ සහ ග්‍රහලොව මනාලිය වූ සිකුරු යන ග්‍රහයන් 2017 මාර්තු මස 18 වැනි ශනි දින සවස පහ පසුවී විනාඩි පනස් අටට මීන රාශියෙහි සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ හතරවන පාදයේදී එකම අංශකයක ගමන් කරනු ඇත. ග්‍රහයන් දෙදෙනා එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී බුධ හා සිකුරු ග්‍රයන්ගේ අශුභ වූ ග්‍රහ කිරණ ඉදිරි මාස තුනක් දක්වා පෘථිවි තලය වෙත එල්ලවීමේ ප්‍රවණතාවක් උද්ගත වී තිබේ.

 

අප රටට ඇතිකරන්නාවූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී රටේ යහපත් ආර්ථික වර්ධනයක් ඇතිවන වකවානුවක් වන අතර මහජන සුභසිද්ධිය උදෙසා කටයුතු කරන කාලයක්ද වේ.

මෙරටින් හොර රහසේ මුදල් හෝ වටිනා දේ රැගෙන යාමක් සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් එම වංචාව අනාවරණය කරගත හැකිවනු ඇත. රංගනයට සම්බන්ධ ප්‍රසිද්ධ කලා ශිල්පියකුට, නිෂ්පාදකයකුට හෝ සාහිත්‍යධරයකුට මාරක ඇතිවේ.

විදේශීය වශයෙන් ඇතිවන්නාවූ බලපෑම විමසා බැලීමේදී සන්නිවේදන ආයතන ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තා වන අතර කෘෂිකර්මාන්තයේ දියුණුවක්ද, පොළවෙන් වටිනා ඛනිජ වර්ග හමුවීමක්ද වාර්තා වේ. කුඩා දරුවන්ගේ සහ කතුන්ගේ මරණ ප්‍රමාණයේ ඉහළ යාමක් දැකිය හැකිවනු ඇත.

මේෂ - නොගැළපෙන විවාහ

ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට බාධාවීම් ඇතිවේ. අවිවාහක අයට ඉදිරිපත් වන මංගල යෝජනා තමාට නොගැළපෙන බැවින් කල්පනාකාරී වන්න. කුඩා දරුවන්ට මෙන්ම ස්ත්‍රී අයටද සිදුවන අයහපත වැඩි බැවින් පරෙස්සමින් කටයුතු කළ යුතුය.

වෘෂභ - ව්‍යාපාරවලට යහපත්

ඔබ කරන යම් යම් කටයුතු සඳහා බාධා පැමිණියද ඔබගේ උත්සාහය මත බොහෝ කටයුතු සාර්ථක කරගනු ඇත. තම හිතමිතුරන්ගෙන්, විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන්ගෙන් උදව් උපකාර ලැබේ. හවුල් කටයුතුවල ව්‍යාපාර ආරම්භයට යහපත් කාලයක් වේ.

මිථුන - කැපී පෙනේ

ඔබට යහපත් ඵල වර්ධනය වනු ඇත. ඔබ අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. තම හිතූමතයට ගන්නා තීරණ සාර්ථකත්වයට පත්වනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය.

කටක - කෙටි ගමන්

තමා ගැන සිතා කටයුතු කිරීම හේතුවෙන් තම හිතමිතුරන් සමඟ අමනාපකම් ඇතිකර ගනී. පියාට අසනීප තත්ත්වයක් ගෙනදෙනු ඇත. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත.

සිංහ - අනවශ්‍ය වියදම්

ඔබ කරන කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා කිරීම් ඇතිවේ. නොගැළපෙන අය තමා හා හිතමිතුරුකම් ඇතිකරගැනීමට පැමිණෙන වකවානුවකි. අනවශ්‍ය වියදම් ඇතිවන අතර වියදම් පාලනය කරගැනීම යහපත් වේ.

කන්‍යා - සමගියට බාධා

ඔබට යහපත් වන නමුත් ඔබ ළඟින් සිටි අයකු ඔබට විරුද්ධකම් ඇතිකරනු ඇත. විවාහ ජීවිතයේ සමගියට බාධා මතුවනු ඇත. තමා අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. හවුල් කටයුතු කරන ව්‍යාපාර හිමියන්ට යහපත්ය.

තුලා - බෝවන රෝග

ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතු සඳහා විවිධ පාර්ශවවලින් බාධාකිරීම් ඇතිකරනු ඇත. ජලය ආශ්‍රිත කටයුතු කිරීමේදී මෙන්ම බෝවන රෝගවලින් පරිස්සම් විය යුතු කාලයකි. බුධ මහදශා අන්තර් දශා ගත කරන අයට අයහපත් ඵල වැඩිවේ.

වෘශ්චික - අධ්‍යාපනයට බාධා

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වන අතර ප්‍රේම සම්බන්ධතාවයකට යම් යම් බාධාවන් එල්ලවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට බාධා ඇතිවනු ඇත. විනෝද චාරිකා සඳහා සහභාගි වීමට අවකාශ ලැබේ.

ධනු - අලුත් මිතුරන් 

ඔබ පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ වෙනසක් සිදුවන වකවානුවක් වනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන අතර අලුත් හිතමිතුරන් දැන හැඳිනගැනීමට අවකාශ ලැබෙන වකවානුවක් වේ.

මකර - රැකියා මතභේද

අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වකවානුවක් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවීම හේතුවෙන් සිතට දුක් ඇතිවේ. රැකියා සේවා ස්ථානයෙහි අනිකුත් සේවකයන් සමඟ මතභේද ඇතිවනු ඇත.

කුම්භ - වියදම් පාලනය

පවුල් දිවියේ සමගියට බාධා එල්ලවනු ඇත. අනවශ්‍ය දේ සඳහා තැන්පත් ධනය වියදම් වී යන බැවින් වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර සතුරු පීඩා ඇතිවනු ඇත.

මීන - ලිංගික ආකර්ශනය

ඔබ කටයුතු කිරීමේදී තරමක උදාසීන ගතියෙන් යුක්තව ක්‍රියා කරනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට නතුවනු ඇත. හවුල් කටයුතු ව්‍යාපාරවලින් ලාභ අත්වේ. ළය ආශ්‍රිත රෝගාබාධවලින් පෙළෙන අයට අයහපත් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර් ෙය්ෂණායතනය
ඔලබොඩුව ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00