2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

දකුණේ අපූරු අත්දැකීම් විඳගන්න Ayana sea හෝටලය

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

මේ සැප්තැම්බරයේ මොල්ලිගොඩ, වාද්දුව Ayana sea හෝටලය සාර්ථකව තම පළමු වසර සම්පූර්ණ කළා. රන්වන් වැල්ල සහිත මුහුදු වෙරළේ පොල්රැප්පාව යට නිස්කලංක නිවාඩුවකට අපූරුම තැන තමයි Ayana sea කියන්නෙ.
අනවශ්‍ය ගමන් බිමන්වලින් තොරව spa, pool, gym ආදී සුඛෝපභෝගී පහසුකම්වලින් අංගසම්පූර්ණව නිස්කලංක නිස්කලංක නිවාඩුවක් බලාපොරොත්තු වෙන ඔබට කදිම තැනක්. Ocean villa, Family villa, premium pool villa, Deluxe villa ආදී විශේෂිත villa කිහිපයකින් හෝටලය සමන්විතයි. Deluxe roos හී private balconyවල සිට සුන්දර සාගරයේ දසුන් නරඹන්නට සංචාරකයන්ට අවස්ථාව උදාවෙනවා. මේවායේ හිරු එළිය හා නැවුම් මුහුදු සුළඟ අතුළට කැන්දන අයුරින් නිර්මාණය වූ නාන කාමර දැකගත හැකියි. Cable tv, telephone, safety lockers, Wi-Fi, mini bar, tea/coffee makers ඇතුළු නවීන අහසුකම්වලින් කාමර සියල්ලක්ම පාහේ අංගසම්පූර්ණයි.

Ayana sea තම අමුත්තන්ගේ ආහාර පාන පිළිබඳ ඉතා සැලකිලිමත්. දේශීය විදේශීය ආහාර අමුත්තන්ගේ රුචිකත්වයට අනුව සපයන්නට ඔවුන් සූදානම්. විශේෂයෙන්ම ඔවුන්ගේ නැවුම් අමුද්‍රව්‍යවලින් සාදන මුහුදු ආහාර ජනප්‍රියයි. කුළුබඩු යහමින් එක්වුණු කකුළුවන් ව්‍යංජනය ඔවුගේ ආහාර පාන කලාවේ අවේණිකත්වය කියාපනවා. ප්‍රධාන අවන්හලට ඉහළ මහලේ තිබෙන bar එකේ සිට cocktail වීදුරුවක් හෝ ඔබ කැමති පානයක් තොලගාමින් සාගරය දෙස බලා සිටින්නටත් ඔබට හැකියි.

කළුතර බෝධිය, කන්දෙ විහාරය, රිච්මන්ඩ් කාසල්, ධීවර වරාය, බෙන්තොට ජල ක්‍රීඩා, ගාලු කොටුව, මාදු ගඟේ සෆාරි, ජෙෆ්රි බාවා වත්ත, කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය, මාදැල් ආදී ස්ථාන රැසක විවිධාකාර අත්දැකීම අත්විඳිමින් සංචාරය කරන්නත් Ayana sea හී ලැගුම් ගන්නා ඔබට හැකි වේවි. කෙසේ වෙතත් Ayana sea නිවාඩුවක් නෙත සිත නිවන අපූරු අත්දැකීමක් වනු නිසැකයි.

  සනත් වීරසූරිය