2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ඕනම දෙයක් වැඩියෙන් ඕනෑ අයට කියාපු තැනක් Geek HQ

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

කොළඹ 5 මායා මාවතේ තියන Geek HQ කියන්නෙ Geek personsලට අපූරු තැනක් ඒ කියන්නෙ කිසිම් විනෝදාංශයකට ඕනවට වඩා ඇබ්බැහි වුණු අයට. Movies, comic, games වගේ. ලොව පුරා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙවැනි Geek අවන්හල් හමු වී තිබුණත් ඒ අත්දැකීම විඳගන්න හැමෝටම අවස්ථාව ලැබිල නෑ. ඉතින් මෙන්න අපේම කියලා Geek අවන්හලක් තියනවා දැන්.

අවන්හලේ විශේෂම ආහාරය තමයි burger කියන්නෙ. She-hulk burger ඉදන් Endgame burger වෙනකන් burger range එකක් ඔවුන්ට තියනවා. සාමාන්‍ය Burger වලට වඩා විශාලත්වයෙන් මෙන්ම රසයෙනුත් ඉහළයි. වඩා වැඩියෙන් අලෙවි වන ලැයිස්තුවට වැටෙන Endgame burger සහ clobbering time burger නම් ඔබ රස බැලිය යුතුයි.

Angelo Pereira, shafeek shuail, Liam senathirajah යන අයගෙ දිගුකාලයක පටන් තිබුණු හීනයක් තමයි මේ විදිහට Geek HQ ලෙසින් සැබෑ වෙලා තියන්නේ. ඔවුන්ට අයත් collection ගණනාවක් මෙතන තියනවා. ලංකාව තුළ ඉතා වටිනා දුර්ලභ Epic collection එකකට ඔවුන් උරුමකම් කියනවා. දකුණු ආසියාවේ විශාලතම Load of the ring collection එක සහ spawn collection එක ඔවුන් සතුයි. ඒ නිසාවෙන්ම ඔවුන් අවන්හල Geek HQ  කියන නම තීරණය කළා වගේම  pop සංස්කෘතියට ආදරය කරන හැමෝටම විනෝදෙන් කාලය ගෙවන්න මෙතන අපූරු තැනක්. ඉතින් ඔබත් අපේම Geek අවන්හල Geek HQ වෙත ගොඩවදින්න අමතක කරන්න එපා.

I ධනූ
You’re My Favorite 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00