2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

හදවත් රෝගවලට සෞඛ්‍ය සම්පන්න මෙනුවක් ගෙන එන Spiner cafe

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

Spiner cafe කියන්නෙ කොහොමටත් සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබට තිළිණ කරන තැනක්. ඔවුන් පසුගිය සැප්තැම්බරයේ 29 වැනි දිනට යෙදුණු ලෝක හදවත් දිනය වෙනුවෙන් Flora Margerine සමඟ එක්වී විශේෂ වැඩපිළිවෙළක් නිර්මාණය කළා. ඒ තමයි මාසයක් පුරාවට ක්‍රියාත්මක වන පරිදි  හදවත් රෝගවලට විශේෂිත සෞඛ්‍ය සම්පන්න මෙනුවක් හදුන්වා දීම.

හදවත් රෝග අද වන විට සමාජයේ සුලබ දෙයක් බවට පත්වෙලා. ඊට ප්‍රධානතම හේතුව තමයි මිනිසුන්ගේ වැරදි ආහාර රටාව සහ ජීවන පුරුදු. කාර්යබහුල ජීවන රටාව තුළත් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලකට පාරිභෝගිකයන් පුරුදු කිරීම තමයි ඔවුන්ගෙ අරමුණ. සාමාන්‍ය ආහාරයක Omega 3 6, vitamin A D E සහ 70%  ට වඩා අඩු සංතෘප්ත මේදයක් අඩංගු වන අතර මෙම ආහාර හෘද රෝග අවදානම වැඩි කරන බටර්වල අඩංගු අධික සංතෘප්ත මේදයට සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙසයි සැලකෙන්නෙ. සැබැවින්ම Flora Margerine යොදා සාදන ආහාර රසවත් වගේම ගුණවත් වෙන්නෙ මේ නිසයි.

මේ තමයි ඔවුන්ගෙ හදවත් රෝගවලට ගැලපෙන මෙනුව.

Chicken Roti Sandwich, Easy Breakfast Sandwich, Chicken Manioc Kottu, Tuna salad, Chicken Sandwich and Vegedelight Sandwich, Pasta, Basil and Tomato Thai Chicken, Banana Oatmeal Pancake and Brownie

ප්‍රධාන ආහාර වගේම සෞඛ්‍ය සම්පන්න අතුරුපස වර්ගත් මේ මෙනුවට අඩංගු වෙනවා. ඔක්තෝබර් 29 වැනි දින වෙනකම් මේ හදවත් රෝගවලට ගැලපෙන  ආහාර මෙනුව උත්සාහ කරන්න ඔබට පුළුවන්. ඒ වගේම Uber හරහා deliver කර ගන්නත් පුළුවන්. ඉතින් ඔබත් අදම Spiner cafe වෙත ගිහින් මේ අත්දැකීම විඳගන්න.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00