2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

කාබනික ආහාර වේලකට කියාපු තැනක් RAW

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

Ronali Perera විසින් වසර 3කට පමණ පෙර තම පවුලේ පහසුව උදෙසා තමයි RAW (Refreshing Ayurvedic Wellness) ආරම්භ වුණේ. එය බොහෝදෙනා අතර ප්‍රචලිත වීමත් එක්ක ලෝක කාබනික දිනයට සමගාමීව බෞද්ධාලෝක මාවතේ ඇය RAW අවන්හලක් ආරම්භ කරනවා.

ලංකාව කියන්නෙ කෘෂිරසායන ටොන් ගණනින් ආනයනය කරන රටක්. ඒ නිසාවෙන් ඔබ අප එදිනෙදා රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර කිලෝ ගණනින් ආහාරයට ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට වියදම් කිරීමට වන වෛද්‍ය බිල්වලට වඩා විශ්වාසදායි කාබනික ආහාරයකට වියදම් කරන මුදල වටින බවයි මම හිතන්නෙ. Ronali කියන්නෙ ගොඩක් පිරිසිදු හා තිරසාර බව අගය කරන කෙනෙක්. ඇය තම අවන්හල නිර්මාණය කරන්නෙත් ප්‍රතිචක්‍රීකරණ කරන ලද අමුද්‍රව්‍යවලින්. සැබැවින්ම ඇයගේ අවන්හල සහ ආහාර ඔබව පරිසරය ගැනත් ඔබේ සෞඛ්‍ය ගැනත් හිතන්නට යොමු කරනවා.

ඇය භාවිත කරන කාබනික අමුද්‍රව්‍ය සහිත ආහාර බොහෝදෙනා අතර ජනප්‍රියයි. ඔබ අනිවාර්යයෙන්ම Raw වෙතින් සීතල Juice එකක් රසවිඳිය යුතුමයි. ඔවුන් සතුව Coffe, Tea, Home Made Ginger Beer සහ සිසිල් බීම වර්ග තිබෙනවා. ඔවුන් සතු ආහාර බොහොමයක් සත්ව ආහාර අඩංගු නොවන ඒවා. මම තෝරගත්තු Prawn Salad එකේ සලාද කොළ, Microgreen, කඩල වගේම වට්ටක්කා, කජු, ආමන්ඩ්, සූරියකාන්ත, Chia වැනි ධාන්‍ය වර්ග බොහෝමයක් අඩංගුයි. ඒ වගේම Avo Toast on Sourdough Bread ටිකක් තද ආහාරයක් වුණාට හරිම රසවත්.

ඉතින් ඔබත් ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Raw වෙතින් ආහාර ගත යුතුයි.

Life web ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00