2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඡන්ද වේදිකාවේ අර්බුද?

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හා රජ වූ රවි තමාට නීච රාශි භවන වූ කිවිට අයත් තුලා රාශියට 2019 ඔක්තෝබර් මස 18 වැනි කිවි දින පාන්දර 1 පසුවී විනාඩි 3ට පිවිසීමට නියමිතය. 2019 නොවැම්බර් මස 16 වැනි ශනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 51 දක්වාම අඟහරුට අයත් සිත නැකතේ තුන්වැනි හා හතරවැනි පාදයෙත්, රාහුට අයත් සා නැකතේ සම්පූර්ණවත්, බ්‍රහස්පතිට අයත් විසා නැකතේ ප්‍රථම දෙවැනි තුන්වැනි පාදවලත් රවි ගමන් කරන අතර මෙහි බලපෑම දින 90ක් යනතුරුම ඉදිරියට පවතී..

මෙම ග්‍රහ තත්ත්වය අප රට කෙරෙහි කෙසේ බලපානු ඇතිදැයි සොයා බැලූ විට එතරම් යහපතක් අත්වන බවක් කිව හැකි නොවේ.

විසඳිය නොහැකි ප්‍රශ්න හා ගැටලුවලට රජයට මෙන්ම මහජනයාට මුහුණපෑමට සිදුවන වකවානුවක් වේ. හදිසි කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂිභෝග හා ගොවිතැන් විනාශයට පත්වීමද දේපලවලට හානි වීමද සිදුවනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී මැතිවරණ වේදිකාවල අර්බුද ඇති වන අතර මහජන නියෝජිතයන්ට, මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට මෙන්ම සෙසු මහජන නියෝජිතයන්ටද මන්ත්‍රීවරුන්ටද මහජනයාටද මාරකවලට මුහුණ පාන්නට සිදුවේ. මෙහිදී අපේක්ෂකයන්ගේත් මහජනයාගේත් ආරක්ෂාව වෙනුවෙන් අදාළ බලධාරීන් දැඩි අවධානයෙන් සිටිම වැදගත් බව සඳහන් කළ යුතුය.

මේෂ - පවුලේ සමගියට බාධා

ඔබ මෙම කාලසීමාව තුළ වෙනත් අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම වැදගත් වන අතර සිතේ ගැටලු ඇතිවන නිසා පවුල් දිවියේද සතුට සාමය බිඳවැටෙන කාලසීමාවක් වේ. පිත් රෝග පීඩාවක් මතුවනු ඇත.

වෘෂභ - විදේශ ගතවීම්

ඔබට එරෙහි සතුරු බලවේග මඟහැරී යන කාලසීමාවක් වේ. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේද බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට සුබ ඵලද අත්වනු ඇත.

මිථුන - ඉතුරුම් පහළට

ඔබගේ උත්සාහයේ තරමට බලාපොරොත්තු වන ඵලය ලබාගත නොහැකි වනු ඇත. දේශපාලන කටයුතුවල නියැලි අයට සුබ ඵල අත්වන අතර ඉතිරිකර ගැනීමටද බාධා මතුවන්නාවූත් කාලසීමාවක් වේ. ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාදවීම්ද ඇතිවනු ඇත.

කටක - ගෞරවයට ලක්වේ

යම් යම් ප්‍රශ්න නිසා සිතේ නොසන්සුන් ගති ඇතිවන කාලයක් වන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලු මඟහැරී යන කාලයක් වේ. ගෞරවයට ලක්විය යුතු අයකු නම් මහජනයා ඉදිරියේ ඔබව ගෞරවයට ලක්වනු ඇත.

සිංහ - ඇස්වල පීඩා

යම් යම් කටයුතුවල ප්‍රමාදවීම් ඇතිවන කාලයක් වන අතර මාධ්‍ය කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. කෙටි ගමන් යෙදෙන කාලසීමාවක් වේ. ඇස්වල පීඩාවක් මතුවනු ඇත.

කන්‍යා - ආර්ථික අපහසුතා

ඔබගේ උත්සාහයේ තරමට ඵලයක් ලබාගත නොහැකි වන අතර ආර්ථික අපහසුතාද ඇතිවන කාලයක් වේ. පිටස්තර ප්‍රශ්නවලට මැදිනොවී සිටිය යුතු කාලසීමාවක් වේ.

තුලා - මිතුරන් අමනාප වේ

ඔබගේ කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටුකරගත හැකිවන කාලයක් වේ. ඔබ ගන්නා වූ තීරණ හේතුවෙන් හිතමිතුරන් ඔබ සමඟ අමනාප වනු ඇත. නිතර හිසේ පීඩා ඇතිවනු ඇත.

වෘශ්චික - ශරීර පීඩා

ගමන්වලදී පරිස්සම් විය යුතු කාලයක් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවන කාලයකි. දුර ගමන් යෙදෙනු ඇත. තැන්පත් ධනය වියදම් වන කාලයකි. යම් යම් කටයුතුවලට විවිධ බාධා මතුවීමට ඉඩ ඇත.

ධනු - උදව් උපකාර

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වන කාලයක් වේ. ගමන්වලදී හදිසි ශරීර පීඩා ඇතිවන බැවින් පරිස්සම් විය යුතු වේ.

මකර - නෑදෑයන් ඈතට

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයක් වනු ඇත. තම පවුලේ නෑදෑයන්ගෙන් ඈත්ව කටයුතු කරන කාලසීමාවක් වේ. ගමන්වලදී පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැක.

කුම්භ - කෙටි ගමන්

ඔබගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන්නාවූත් කාලසීමාවක් වේ. කෙටි ගමන් යෙදෙනු ඇත. මාධ්‍ය මෙන්ම දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලසීමාවක් වේ.

මීන - උත්සාහයට ප්‍රතිඵල නැහැ

ඔබට එතරම් සුබදායක නොවන අතර ගමන්වලදීද පරිස්සම් වීම වැදගත් වේ. ඔබගේ උත්සාහයේ තරමට ඵල නොලැබෙන්නාවූත් කාලසීමාවක් වේ. ඇස් ආශ්‍රිත පීඩාවක්ද, ශරීරයේ ලේ දෝෂ ගතියක්ද ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00