2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ගමේ කෑම වේලේ පටන් තරු පන්තියේ කෑම දක්වා Serendib stone hotel

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

කන්ද උඩරට වනාහි දේශීය සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයකි. එවන් පුරවරයක මහියංගනය ප්‍රධාන මාර්ගයට යාබදව නත්තරම්පොත, කුණ්ඩසාලේ පිහිටන Serendib stone hotel පාරිසරික සංස්කෘතික සුන්දරත්වය විඳින්නට අපූරු නවාතැනකි.

වසර 70 ක් පමණ පැරැණි නවීකරණය කරන ලද කාමර 7කින් සමන්විත යටත්විජිත බංගලාවක් සහ කාමර 73කින් සමන්විත නූතන අංගනයක් සහිත හෝටලය සාම්ප්‍රදායික ගෘහභාණ්ඩ හා සැරසිලිවලින් අලංකෘතව නුවර අභිමානයට ගැලපෙන අයුරින් නිර්මිතය. පැරණි බංගලාවේ කාමර එකිනෙකට වෙනස් වූ ආවේණික ලක්ෂණ සහිතව saffron, Jasmine, Habarala, jack fruit, Araliya shade, Mahaweli, sunshine ලෙසින් නම්කර ඇත. විශාල වියන් ඇඳන් සහ attached bathroom සහිත කාමර සියල්ලක්ම පාහේ නවීන පහසුකම් වලින් අංගසම්පූර්ණ වේ. Serendib stone hotel හි විශේෂම කරුණ නම් හෙලිකොප්ටර 3 ක් එකවර ගොඩබැස්විය හැකි අංගනයයි. නාන තටාකය, විශේෂ අවස්ථා සඳහා stone edge banquet hall, Mahaweli edge restaurant ආදී නවීන පහසුකම්වලින් ද සැදුම්ලත් මේ නවාතැන සියල්ලටම වඩා සොබා සෞන්දර් යෙන් පිරිපුන් සුන්දර වටපිටාවක් සලසන්නකි.

පළපුරුදු සූපවේදියකු වන අශෝක රංජිත් මහතා අතින් නිමැවෙන නුවර ප්‍රදේශයේ ග්‍රාමීය ආහාරවල සිට තරු පන්තියේ දක්වා වූ ඕනෑම ආහාරයක් සංචාරකයන් වෙත පිළිගන්වන්නට ඔවුහු සූදානමින් සිටිති. විශේෂයෙන්ම අවට පරිසරයේ ඇති ඖෂධීය ශාක හා වගාවන් නිසාවෙන් නිර්මාංශ ආහාර ද Serendib stone හි විශේෂ තැනක් ගනී.

මධුසමය ගත කරන යුවළ හටද අපූරු නවාතැනක් වන Serendib stone hotel ඔවුන් වෙනුවෙන් විශේෂ දීමනා ලබාදීමට කටයුතු කරයි. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, නකල්ස්, උඩවත්ත කැලේ, බඹරගල ගල් විහාරය ආදී සංචාරක ගමනාන්ත බොහොමයකට පහසුවෙන් ළඟා විය හැකි, කඳු නැගීම, කුරුල්ලන් නැරඹීම ආදී ක්‍රියාදාමයන්ට ප්‍රිය කරන සංචාරකයන් හට වඩාත් ගැලපෙන මේ සුන්දර නවාතැනේ නිවාඩුවක් ගත කරන ඔබ නිසැකයෙන්ම තෘප්තිමත් වනු නියතය.

I සනත් වීරසූරිය
සේයා රූ : ශාන් බන්දු වීරසිංහ