2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

චීස් ‍බේරෙන උණු උණු චිකන් පීට්සා: බ්ලැක් පෝක් කරි හා චිකන් කොත්තු රස බලන්න යා යුතු තැනක් Ella 360

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

360 අවන්හල් දාමයේ Ella 360 යනු ඇල්ල නගරයේ ජනප්‍රිය අවන්හලකි. විශාල පරාසයක විහිදී යන, උදේ දවල් රාත්‍රී ආහාර මෙනුවේ සිට tea, coffee, wine, beer, cocktail mocktails ආදී ඕනෑම දෙයක් රස විඳින්න මෙතනදී පුළුවනි.

මුලින්ම බීම වර්ග ලෙස අපි තෝරාගත්තෙ නැවුම් රසම රස Blue lagoon, Strawberry Daiquiri සහ Passion mojito කියන cocktail වර්ග තුනයි. ඉන් පසුව අපි අපූරු Roasted pumpkin soup එකක් රස බැලුවෙමු. අපේ ප්‍රධාන ආහාර වුණේ චීස් බේරෙන උණු උණු BBQ chicken Pizza සහ seafood යහමින් එකතු කරපු Mixed grill seafood platter. ඔවුන්ගේ Sri Lankan menu එකේ එන black pork curry සහ chicken kottu ගැන නොකියාම බැහැ. විශේෂයෙන්ම සලාද, බිත්තර, තක්කාලි ආදියත් සමඟ පිළිගන්වන්න කොත්තුව නම් හතර දෙනකුත් කාල ඉවර කරන්න බැරි තරම්. අතුරුපස විදිහට අපි තෝරාගත්තෙ රසම රස cream caramel සහ strawberry cheese cake. අපූරු ආහාරවේලකි.

අමතක කරන්න බැරි දේ තමයි Ella 360 ඉන්න සුරතලා Randy. මතක ඇතුව ඔයාලත් මේ අපූරු ආහාරවේලක් රස විඳලා යනකොට Randy බලු යාළුවටත් තට්ටුවක් දාල යන්න. තව දෙයක් තමයි මෙතන නිතරම සෙනගින් පිරුණු තැනක් නිසා කලින් වෙන්කර ගැනීමක් කළා නම් වඩාත් පහසුයි.

Life Web ඇසුරින් 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00