2017 මාර්තු 11 වන සෙනසුරාදා

චොකෝ පිරුණු කේක් ලෝකයක්

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

කොළඹ තියෙන රසවත්ම කේක් හොයාගෙන මම එළියට බැහැපු දවස වැස්ස තිබුණු දවසක්. මුලදි කම්මැළිකමක් හිතුණත් කේක් හොයාගෙන යන වැඩේට හොඳම දවස මේක කියලා හිතුණා. ඉතින් රස පිරි කේක් රස බලන්න කැමැති අය වෙනුවෙන් මගේ කේක් සවාරිය ආරම්භ කළේ, The English Cake Company එහෙමත් නැත්නම් The Cakery එකෙනුයි.

ජාවත්ත පාර අසල පිහිටලා තියෙන මේ කේක් සාප්පුවේ ලොකු තෝරාගැනීමකට ඉඩ තියෙනවා. කොයි දේ තෝරගන්නද කියලා හිතාගන්න බැරි තරම්. අන්තිමේදී මම කළේ වැඩිම දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙන කේක් වර්ග කිහිපයක් තෝරාගත්තු එකයි. 

White Chocolate and Raspberry Cheesecake වැනිලා එකතුකරලා බේක් කරපු මේ කේක් එකේ රාස්බෙරි වගේම සුදු චොකලට් අඩංගුයි. Salted Caramel Chocolate Torte කියන්නේ රසවත් බිස්කට් පුඩිම් වගේ දෙයක් උඩට කැරමල් සහ චොකලට් දාලා හදපු රසවත් කේක් එකක්. ඒක මගේ හද බැඳගත්තා කිව්වොත් හරියටම හරි. 
මගේ දෙවැනි ගමනාන්තය වුණේ, The Cake Factory. කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටලා තියෙන මේ අවන්හල කේක් සඳහා සුදුසු පරිසරයක් මවලා තියෙනවා. Ultimate Chocolate Bliss නමින් ඔවුන් හඳුන්වන බෙල්ජියන් වයිට් චොකලට් ලේයර්ස් දෙකක් එක්ක පිරිනැමෙන මේ කේක් එකේ රස තවත් වැඩිවෙන්නේ ඇතුළට දාලා තියෙන කජු නිසායි. චොකලට් රසයට කැමැති අය වෙනුවෙන් Chocolate Treat නමින් තවත් ගොඩක් රසවත් කේක් වර්ගයක් ඔවුන් පිළිගන්වනවා.

අන්නාසි, කෙසෙල් සහ කජු වගේම චීස් මතුපිට පිරවුමකිනුත් සමන්විත තවත් රසවත් කේක් එකක් තමයි Hummingbird Cake කියන්නෙ. 

අන්තිමට මම ගියේ කොල්ලුපිටියේ 27 වැනි පටුමගේ පිහිටලා තියෙන  Butter Boutique වෙතයි. කිරිවර්ග තුනක් සහ විප් ක්‍රීම් යොදලා හදපු Tres Leches කේක් එකත් යහමින් චොකලට් යොදපු Double Choc Fudge Cake කේක් වර්ගයත් ඔවුන් සතුව තියෙන රසවත්ම කේක් කිහිපයක්. 

මම මේ කේක් වර්ග සියල්ලම රස බැලුවෙ එක දවසින්. ඔබටත් එහෙම කරන්න බැරි කමක් නැහැ. 

♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්) 
ඡායාරූප - You’re My Favorite

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00