2017 මාර්තු 11 වන සෙනසුරාදා

නාන්නත් වයින්

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

Vino therapy එහෙමත් නැත්නම් වයින් ස්පා කියන්නේ මේ වෙද්දි ඉතාලිය වගේ යුරෝපයේ රටවලත් ජපානය වගේ සමහර ආසියාතික රටවලත් ජනප්‍රිය වෙමින් යන සංචාරක ක්‍රියාකාරකමක්. සාමාන්‍යයෙන් වයින් පාවිච්චි කරන්නේ උත්සව අවස්ථාවල පානයක් ලෙස වුණාට මෙතැන්දි කරන්නේ වයින් සම්බාහන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීමයි.
කරන්න තියෙන්නෙ වයින් පිරිණු විශාල ටබ් එකකට බැහැලා ඉන්න එක විතරයි. හරියට වතුර පිරුණු බාත් ටබ් එකකට බැස්සා වගේ වයින් ටබ් එකට වෙලා විවේකයෙන් ඉන්නයි තියෙන්නෙ.

හැබැයි වයින් කිව්වට මේ ටබ්වලට දාන්නෙ නියම වයින් නෙමෙයි. වයින් හදලා ඉතුරැ වන මිදි ගෙඩියේ ශේෂය අරගෙන තමයි මේ වැඩේ කරන්නෙ. මිදි ඇට වලින් හටගන්නා තෙල් මිනිස් සමට ඉතා ගුණදායක බවත් මේ වයින් ස්පා පවත්වාගෙන යන අය කියනවා. සාමාන්‍යයෙන් මිනිස් සම පැහැපත් කරන්න යොදාගන්නා විටමින් E වගේ දහ ගුණයක ප්‍රතිඵලයක් මේ වයින් නෑමෙන් හිමිවන බවයි දැනගන්න ලැබෙන්නෙ.