2017 මාර්තු 11 වන සෙනසුරාදා

එක පිරිමියකු මදිවන ගැහැනුන්ට පිහිටන කාමුක යෝගය

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1852

විෂ කන්‍යා යෝගයක් වශයෙන් ගත හැක්කේ කුජ, සඳු, සිකුරැ, ශනි, වැනි ග්‍රහයන් 5, 7, 8, 12 වැනි භාවයන් සාපේක්ෂව නිවේදනය කිරීමයි. මෙහි ඉහත සඳහන් ග්‍රහයන්ගේ නැකැත් උපස්ථාන භාව දෘෂ්ටි යෝග යන විවිධ ආකාරයෙන් සිටිය හැක.

අප පහත සඳහන් කේන්දර ගනිමු.

රාශිය/ භාවය    නැකත    අධිපති    උපස්ථානය

කේ 3 2           ස 4        6 බුද
ච 6 4             කේ 2      8 රා
ර 7 6             ර 6         7 ශු
බු 7 6            ර 6         7 ශු
ශ 7 6            ස 4         7 ශු
ශු 8 මිථුන 7    ශු 8        7 ශු
රා 9 කටක 8    බු 6        7 ශු
ශු 9 කටක 8    ශ 6        7 ශු
කු 10 සිංහ 8    කේ 2        7 ශු

මෙම වෘශ්චික ලග්න කේන්දරය 19 වන ශතවර්ෂයේ මුල්භාගයේදී බ්‍රිතාන්‍ය ප්‍රකට ජ්‍යෙතිෂ්‍යවේදියෙකු වූ ඇලන්ලියෝ විසින් අතිධාවන කාමුකත්වයට ආදර්ශ කේන්දරයක් ලෙස ගෙන හැර දක්වා ඇත. (කාමෝන්මාදය) අතිධාවන කාමුක ගතිය රෝගී තත්ත්වයකි. මෙය (නිම්පෝමේනියා, Nymphomania) වශයෙන් හඳුන්වයි. වෘශ්චික ලග්නය පවා කාමුක ගතිය ඉහළින් ඇති ලග්නයකි.

(මෙහි භාවයන් විසිරි ඇති ආකාරය පාඨකයාට නුහුරු ගතියක් ඇති වනවා ඇත. විදේශ කේන්දර බොහෝමයකම තත්ත්වය එසේය.)

නිදසුනක් වශයෙන් ලග්නය සහ දොලොස්වන භාවය එකම රාශියක් තුළ පිහිටා ඇති සේම 6 සහ 7 වන භාව ද එකම රාශියක් තුළ පිහිටා ඇත.

මේ අනුව මෙහි ලග්නය සහ 12 වන අධිපති කුජය. 6 සහ 3 අධිපති සිකුරුය. ග්‍රහ සංයෝගයක් යනු යෝගය නැකැත් මාර්ගයෙන්, දෘෂ්ටි මාර්ගයෙන් හෝ උපස්ථාන මාර්ගයෙන් වියහැක.

එසේ කුජ, සිකුරු, සඳු වැනි ග්‍රහයන් කාමාතුර රාශිවල සිටීමෙන්ද කාමුක ස්ත්‍රීන් බිහි කරයි. මෙය පෙරදිග ජ්‍යෙතිෂ්‍ය විෂ කන්‍යා යෝගයයි කියති. මෙහි නිශ්චිත යෝගයක් නැත. මෙහි සොයාගත යුත්තේ සාපේක්ෂක ග්‍රහ පිහිටීමෙනි.
මෙහි කේන්දරයේද “නිමාපෝමේනියා” තත්ත්වයක් ඇත.

5, 7, 8, 12 සහ කුජ, සිකුරු, සඳු, ශනි සහ ග්‍රහයන් එක්වූ විට මෙවැනි ස්ත්‍රීන් බිහි කරයි. ශනි කාමුක ග්‍රහයෙකු නොවූවත් අදාළ ඉහත කී ග්‍රහයන් සමඟ පාප පීඩිත වූ විට අපචාරවත් බව ඇති කරයි.

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව 5 හෝ 7 උපපති ශුක්‍ර කුජ සඳු ශනි සමඟ 5, 7, 12, 8 භාවයන්ද නිවේදනය වනවිට මෙකී අන්තයට යයි. යෞවනියන් තම කන්‍යා භාවයා නැති කරගනී.

මෙහි 5 වැන්න අධිපති කුජ වන අතර 5 වන භාවස්ථානය පිහිටා ඇත්තේ 6 වන රාශීය වන මේෂ රාශීයේය. 5 උප්පත්තිය සිකුරුය. මේ දෙදෙනාම අධි කාමාශාව නිවේදනය කරන ග්‍රහයන් වේ. එමෙන්ම වෘෂ්චික, වෘෂභ, මේෂ, යන රාශි අතිධාවන කාමුක රාශින්ය. බහුවිධ රාශීන්ද මෙයට පිටුබලය ලබාදෙන අවස්ථා ඇත.

මෙහි 5 උපඅධිපති වශයෙන් සිකුරු 11, 6, 7 අධිපති වශයෙන්ද තැන්පත්ව ඇත්තේ මිථුනයේ ගුරුගේ නැකැතකත් වෘෂභයේ සිටින ශනිගේ උපස්ථානයකත්ය.

5 අධිපති කුජද කේතුගේ නැකැත් ශුක්‍රයේ  උපස්ථානයක් ඇත.

කුජ හා මේෂයේ සඳු අතරද දෘෂ්ටියක් ඇත.

ගුරුද භාවත්වයෙන් 8 ඇත්තේ වෘෂභයේ සිටින ශනිගේ නැකැතේ 7 සිකුරාගේ උපස්ථානයකය. මෙහි ඇති එක් විශේෂත්වයක් ඉතා පැහැදිලිව පෙනේ. බහු රාශියක් වන මිථුනගේ 5 උපපති වශයෙන් සිකුරු ඇති අතර එම සිකුරු උපස්ථානවල ග්‍රහයන් 7 දෙනෙක්ම ඇත. බොහෝ පිරිමින් සමඟ සංසර්ගයේ යෙදීම මෙයට ප්‍රබල සාධකයකි.

♦ පානදුරේ රොහාන් වීරරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00