2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

වීදියක්ම වැසීගිය රසකෑම සතිය Celebrate Colombo

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

පසුගිය 3 වැනිදා සිට 10 වැනිදා දක්වා Park Street Mews හීදී Celebrate Colombo නමින් Food Festival එකක් පැවැත්වුණා. ඒ Coca-cola, Turkish Airlines , Hilton, Shangri-la, Galle face Hotel Taj Samudra සහ Movenpick Hotel ආදී ප්‍රමුඛ පෙළේ ආයතන රැසක අනුග්‍රහයෙන් තමයි මේ Food Festival එක දියත් වුණේ. සංවිධායකයන් ඇතුළු බොහෝදෙනා පැවසුවේ කොළඹ නගරයක් ලෙස අපූරු සුන්දර ස්ථානයක් බවට පත්කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. විශේෂයෙන්ම නැවතත් ශ්‍රී ලංකාව හා කොළඹ නගරය පිළිබඳ ධනාත්මක ආකල්පයක් දේශීය විදේශීය වශයෙන් ඇතිකරන්නට මෙවැනි කටයුතු වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ.

කොහොම වුණත් Chicken Skewers, Pistachio Pastry, Feta Cheese Stuffed Dates,  Sushi, Arancini, Burgers, Spicy Spring Rolls, Gooey Brownies ආදී ආහාර වර්ග රැසකින් වීදියම රසවත් වුණා වගේම වර්ණවත් වුණා. බදාදා ‍රාත්‍රිය නම් කාන්තාවන් වෙනුවෙන් Ladies Night ලෙස නම් කර තිබුණු අතර අවසාන රාත්‍රිය නිමාවුණේ CFW After Party ය සමගින්.

Colombo Food Festival හී විශේෂත්වයක් වුණේ සහභාගි වූ සෑම හෝටලකටම සහ ආහාර කුටියකටම Food passport එකක් නිකුත් කිරීම. ආහාර ගෙන අවසානයේ ඔවුන්ට Stamp එකක් ලබාදෙනු ලැබුවා. ඒ අනුව තෝරාගත් ජයග්‍රාහක හෝටලයට හෝ කුටියට Turkish Airlines වෙතින් ‍යුරෝපය වෙත ගුවන් ටිකට් පතක් ලබාදෙනු ලැබුවා. සැබැවින්ම Colombo Food Festival කියන්නෙ කොළඹ ජනතාවට පමණක් නොවේ ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයන්ටත් අපූරු අත්දැකීමක්.

Life Web ඇසුරින්
සේයාරෑ I ෙඩ්ලි එෆ් ටී