2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

HIT TIPS

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

සරුංගල් දැක්ම

MJF Festival of Kites සරුංගල් සංදර්ශනය අගෝස්තු 24 වැනි දින පානදුර වෙරළ තීරයේ පැවැත්වෙන්නට නියමිතයි. විනෝද ක්‍රීඩා, සරුංගල් සෑදීමේ වැඩමුළු තවත් විනෝදාස්වාදය ගෙන එන අංග රාශියක් එදා දවස පුරා අත්වින්ඳින්නට අවස්ථාව තිබෙනවා. ඉතින් පවුලේ අය එක්ක මිතුරන් එක්ක එකතුවෙලා ගියොත් හොඳ අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙයි.

රාජස්ථාන් කෑම සැණකෙළිය

Rajasthani Food Festival අගෝස්තු 31 දක්වා කොළොඹ Taj Samudra හෝලයේදී පැවැත්වෙනවා. ජායිපූර්හි රම්බාග් මාලිගාව සහ ජේ මහල් මාලිගාවේ සූපවේදීන් විසින් සියලුම ආහාර පිළියෙල කරන්නේ. රාජස්ථාන සම්ප්‍රදායට විනෝද වෙන්නත් හැකියාවක් තියෙනවා. මේකත් රසවත් අත්දැකීමක් වෙයි කැමති අයට.