2017 මාර්තු 11 වන සෙනසුරාදා

අලුත් සොයා ගැනීමක්!

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

මෙම මාර්තු 14 වැනි කුජ දින සවස පහ පසුවී විනාඩි 33ට රවි ග්‍රහයා මීන රාශියට පිවිස බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ 4 වන පාදයෙන් හා සෙනසුරුට අයත් උග්‍රපුටුප නැකතේ හා බුධට අයත් රේවතී නැකතේ සම්පූර්ණවත් 2017 අප්‍රේල් මස 14 වැනි කිවි දින පාන්දර දෙක පසුවී විනාඩි හතර දක්වා ගමන් කෙරේ.

රටේ කෘෂිකාර්මික කටයුතු සඳහා යහපත් වූ වටපිටාවක් සැකසෙනු ඇත. ආර්ථික කටයුතු, වෙළෙඳ කටයුතු සඳහා නව නීති රෙගුලාසි සම්පාදනය වේ. මහජන නියෝජිතයන් අතර මතභේද වාද විවාද නොසන්සුන්තාවන් ඇතිවේ. භාණ්ඩ එක්රුස් කර ඇති විශාල ගබඩාවකට යම්කිසි හානියක් අනතුරක් වනු ඇත. රජයේ ඉහළ තනතුරක් දරන උසස් නිලධාරියකුට විපතක් ඇතිවේ.

විදේශීය වශයෙන් ඇතිවන බලපෑම් විමසා බැලීමේදී අශුභ සිදුවීම් වාර්තා වන අතර, බන්ධනාගාරයක රැඳවියන් අරගල කිරීම් තුළින් පැන යාමක් වාර්තා වනු ඇත. මගීන් විශාල පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වනු ඇත. නව විද්‍යාත්මක සොයාගැනීමක් වාර්තා වනු ඇත.

මේෂ - නීතිමය ගැටලු

ඔබට එතරම් යහපත් නොවන අතර, නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් වන්න. විශාල වශයෙන් වියදම් නොකළ යුතු අතර අතමිට මුදල් හිඟවන වකවානුවක් වේ. යම් යම් කටයුතු ඉටුකරගැනීමට කොතරම් උත්සාහ දැරුවත් ලැබෙන ප්‍රතිඵල අවම වේ.

වෘෂභ - මිතුරන්ගෙන් උදව්

තම උත්සාහයෙන් කටයුතු කිරීමෙන් බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවනු ඇත. මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවේ. ව්‍යාපාර හවුල් කටයුතුවලින් ඵල අත්කරගත හැකිවනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ.

මිථුන - සිතේ සහනය අඩුයි

තම හිතුමතයට අනුව කටයුතු කරන වකවානුවක් වේ. නව රැකියාවක් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු තමා සිතූ අයුරින් ඉටුකරගත හැකිවනු ඇත. සිතේ සහනය අඩු සිතට ප්‍රශ්න ඇතිවන්නාවූත් කාල වකවානුවක් වේ.

කටක - විදේශගතවීම්

තම උත්සාහයෙන් කටයුතු කරන අතර විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ අපේක්ෂා ඉටුවනු ඇත. නව අත්හදා බැලීම් කිරීමටත්, එහි ප්‍රතිඵල එක්කර ගැනීමටත් හැකිවන කාලයක් වේ.

සිංහ - ප්‍රමාද ගති

ඔබට එතරම් යහපත් කාලයක් නොවේ. තමන්ගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන වකවානුවක් වේ. නොගැළපෙන අය සමඟ ඇසුර ගැන කල්පනාකාරී වන්න.

කන්‍යා - ප්‍රශ්න කරදර

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකිය. පිට අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුය. එම කටයුතුවලින් ප්‍රශ්න කරදර ඇතිවනු ඇත. සිතට සහනය ඇතිවනු ඇත.

තුලා - ව්‍යාපාරයට යහපත්

ඔබට එරෙහිව පැවති කරදර බාධාක දුරැකරගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන අයට යහපත්ය.

වෘෂ්චික - උදවු උපකාර

සැහැල්ලු සිතින් යුතුව වාසය කළ හැකි කාලයක් වේ. තම මතකයට නව දේවල් පිළිබඳ අදහස් පහළ වේ. හවුල් කටයුතු කරන අයට අයහපත් වනු ඇත. උදව් උපකාර ලබාගත හැකි වේ.

ධනු - විදේශ රැකියා

නිවසට නව දේපල මිලදී ගැනීමට ලැබේ. පවුලේ ඥාතීන් අතර ප්‍රශ්න ඇතිවේ. තම බලාපොරොත්තු ඉටුවේ. විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත්ය.

මකර - හැකියාවන් වර්ධනයවේ

සිතේ සහනය අඩුවන කාලයකි. තම හැකියාවන් වර්ධනය කරගත හැකිවනු ඇත. අනවශ්‍ය ගමන්වලින් යම් තරමට ප්‍රවේසම් වන්න. පවුලේ අය සමඟ මතභේද ඇති කරගැනීමට ඉඩ ඇත.

කුම්භ - කල්පනාවෙන්

එතරම් යහපත් නොවනු ඇත. තැන්පත් ධනය වියදම් වන වකවානුවක් වේ. තමා සමඟ මිතුරුකම් ඇතිකරගන්නා වකවානුවකි. කල්පනාකාරී වන්න.

මීන - රැකියාවෙන් ඉහළට

ඔබට අයහපත් නොවූවද මුදල් පිළිබඳ කටයුතුවලදී පරිස්සම් විය යුතු වේ. අන් අය අතර පිළිගැනීමට ලක්වනු ඇත. රැකියාවේ උසස්වීම් බලා සිටි අයට තම බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේ‍ණායතනය