2019 ජුලි 20 වන සෙනසුරාදා

ලොව කාලගුණ විපර්යාස ඉහළට

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

ග්‍රහලොව මනාලිය වූ සිකුරු 2019 ජුලි 23 වන කුජ දින දහවල් 12.49ට තමාට සතුරැ රාශිභවනක් වූ කටක රාශියට පිවිසෙයි. බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ 4 වන පාදයෙන් සෙනසුරැට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අසලිය නැකතේ සම්පූර්ණවත් ගමන් කරමින් 2019 අගෝස්තු මස 16 වන කිවි දින රාත්‍රී 8.39 දක්වාම කටක රාශියෙහි ගමනේ යෙදෙනු ඇත.

සිකුරු කටක රාශිගතව ගමන් කිරීම අප රටට ඇතිකරන බලපෑම් පිළිබඳව විමසා බැලීමේදී රටේ ආර්ථිකය පවතින මට්ටමේම පවතින අතර වෙළෙඳ ව්‍යාපාරවල ප්‍රගතියක් අත්නොවන කාලයක් බව පෙනීයයි. බැංකු ආශ්‍රිතව සතුරැ උපද්‍රව ක්‍රියාත්මක වන අතර වැඩකරන ජනතාව අතර අලුත් රෝග පැතිරයාම ද සිදුවේ. ආහාර විෂ වීම්ද උසස් ප්‍රභූ හෝ ප්‍රසිද්ධ කාන්තාවකට හෝ සංගීත/ රංගන ක්ෂේත්‍රයේ නියැලි කාන්තාවකට මාරක යෙදෙනු ඇත. මන්ත්‍රීවරැන්ගේ මෙන්ම ඇමතිවරුන්ගේ ද කීර්තිනාමය හානිවන පුවත් පැතිර යන කාලයක් ද වනුඇත.

විදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේදී අප්‍රිකානු රටවල්, ස්කොට්ලන්තය, මුරිසිදූපත්, ටියුනියුසියාව, ඇල්ජීරියාව, ඉන්දියාව, ඇෆගනිස්ථානය, මැසිඩෝනියාව, ග්‍රීසිය හා ඇමරිකානු රටවල්වල කාලගුණික විපර්යාස ඇතිවීමක් කෘෂිභෝග විනාශවීමත් හදිසි ජලගැලීම් ද ඇතිවන අතර පතල් කඩාවැටීමක් ද සිදුවෙයි. මේ කාලයේ අවට වාතය තෙත ගතියෙන් යුක්ත වන අතර භූ චලන ඇතිවීමක් ද සිදුවේ. 

ප්‍රභූ උසස් කාන්තාවකට මාරක ඇතිවීමක්, සිරියාව, පෘතුගාලය, තුර්කිය, බ්‍රසීලය, බටහිර ඉන්දියා කොදෙව්, අයර්ලන්තය, පර්සියාව යන රටවල කුඩා දරැවන්ට කාන්තාවට විවිධ අනතුරැ ඇතිවීම්ද ළමා අපරාධ ඉහළ යාමද සිදුවෙයි. එසේම එසේම චිත්‍ර හෝ සංගීත ක්ෂේත්‍රවල නියැලි අයට මාරක ද යෙදෙන කාලයක් වේ.

මේෂ - උරුම ලැබේ

ඔබට යහපත් ඵල අත්වන අතර උරැම හිමිකම් ලබාගැනීමටත් තම නිවසේ අලුත්වැඩියාවක් සිදුකිරීමටත් යහපත් වන කාලයක් වේ. යම්යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන සමයකි.

වෘෂභ - ලේඛනයට යහපත්

ලේඛන හා සාහිත්‍ය කටයුතුවල නිරත අයට ඉතා යහපත් වන අතර සහෝදර බැඳීම් වර්ධනය වන කාලයක්ද වේ. කෙටි ගමන් අධිකව යෙදෙන සමයක් ද වනු ඇත.

මිථුන - උගුරේ අමාරු

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර තමා සේවය කරන ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. සෙම් ආශ්‍රිත පීඩාවක් ද උගුරේ අසනීප ද ඇතිවන කාලයක් ද වේ.

කටක - විසිතුරු භාණ්ඩ

ඔබට යහපත් ඵල අත්වන අතර අන් අයගේ ආකර්ශනයට ඔබව ලක්වනු ඇත. තම කටයුතු සාර්ථක වන අතර කලා කටයුතුවල නියැලි අයට ද ශුභ වේ. විසිතුරැ භාණ්ඩ මිලදී ගැනීමක් ද සිදුකරන කාලයකි.

සිංහ - ස්ථාන මාරු

ඔබගේ කටයුතුවලට බාධා ඇති වන කාලයක් වන අතර සේවා ස්ථානයේ මාරැවීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි කාලයක් ද වේ. අලුත් නිවසක් හෝ දේපලක් මිලදී ගැනීමට සිත් ඇතිවන වකවානුවකි.

කන්‍යා - සමාජ සේවයට 

ඔබගේ උත්සහය මත බලාපොරොත්තු රැසක් සාර්ථක කරගත හැකි වකවානුවකි. හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර අත්වනු ඇත. කලා කටයුතුවල නියැලි අයට ශූභ ඵල අත්වන අතර සමාජසේවා කටයුතුවල නිරත වන කාලයක් ද වේ.

තුලා - විදේශ චාරිකා

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර තම මතයට අනුව කටයුතු කරන කාලයකි. වාහනයක් මිලදී ගැනීමට උත්සහ දැරීමක් ද සිදුකරන අතර සේවා ස්ථානයේ අනෙකුත් සේවකයන් සමඟ සුහදත්වය වර්ධනය වන කාලයකි.

වෘශ්චික - කෙටි ගමන්

යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වන කාලයක් වන අතර කෙටි ගමන් අධිකව යෙදෙන කාලයකි. තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යන කාලයක් වන බැවින් හිත මිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත.

ධනු - ව්‍යාපාරවලට හොඳයි

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවලින් බාධා එල්ල කරන කාලයක් වන අතර ව්‍යාපාරික කටයුතුවල නිතර වී සිටින අයට ශුභඵල අත්වන කාලයක් ද වේ. සෙම් පීඩා ඇතිවනු ඇත. 

මකර - හවුලට හොඳයි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබට හවුල් කටයුතු ව්‍යාපාරවලින් ද ඵල අත්කර ගතහැකි වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන කාලයක් ද වනු ඇත.

කුම්භ - ඥාති ගැටලු

තමාගේ කටයුතුවලට විවිධ වූ බාධා මතුවන කාලයක් වන අතර තමාගේ නෑදෑයකුගෙන් ප්‍රශ්න තමාට ඇතිවනු ඇත. සෙම් රෝග වර්ධනය වීම නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

මීන - නව නිර්මාණ

විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන කාලයකි. කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵලද නව නිර්මාණ බිහිකිරීමට අවකාශ ද අත්වන අතර සමාජසේවා කටයුතුවලින් ඵලද අත්වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00