2019 ජුලි 13 වන සෙනසුරාදා

කොළඹ මැද්දේ කැලෑ ගතිය KAVA Roof top bar

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

No.41, Maitland crescent, Colombo පිහිටල තියෙන KAVA කියන්නෙ ලංකාව ඇතුළෙ Roof top bar කියන සංකල්පය අපූරුවට දැනෙන තැනක්. බීම වීදුරුවක් රසවිඳින ගමන් Colombo cricket club grounds දිහා හරි රෑ අහස දිහා හරි බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම ඒක අපූරු අත්දැකීමක්. මෙතනට ඇතුළු වෙනකොටම පෙනෙන රතු, කොළ වර්ණවලින් සැරසුණු ශාලාව ඔබට වනගත හැඟීමක්  ගෙන ඒවි.

මෙතන cocktail මෙනුව ගැන නම් නොකියම බැහැ. තෝරාගැනීම් රැසකින් පිරුණු මේ මෙනුව අතරින් වඩාත්ම මගේ සිත් ගත්තෙ kava’s jungle poison.  Sweet potato fries කන ගමන් මේ kava bar එකේ අපූරු අපූරු බීම වර්ග රස විඳින්න පුළුවන්. ඒ වගේමයි crispy chicken, bacon, pineapple වලින් පිරුණු  kava lava burger එක. Pineapple sriracha sauce එක එක්ක පිළිගන්වන coconut buttered prawns, sweet doughnuts, chocolate වගේ මේ හැමදෙයක්ම බීම වර්ග එක්ක අපූරැවට ගැලපෙනවා.

ඉතින් ඉර බහින දර්ශනය රසවිඳින ගමන් අපූරු බීම, කෑම එක්ක ගනුදෙනු කරමින් විනෝද වෙන්න කියාපු තැනක්  තමයි KAVA bar කියන්නෙ. ඔබටත් හැකියි මේ වෙනස් අත්දැකීම විඳගන්න kava වලට එන්න.

I ධනූ
you' re my favourite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00