2019 ජුලි 13 වන සෙනසුරාදා

ජන ජීවිතයේ අපූර්වත්වය කෙටි කතාවෙන් දකින වර්ණගල

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

සුනන්ද එරංග පෙරේරා විසින් ලියන ලද වර්ණගල කෙටිකතා සංග්‍රහය ස්ටාර් ප්ලස් පබ්ලිකේෂන් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මීට පෙර කෙටිකතා කෘති 2ක් පළකර ඇති සුනන්ද මෙවර කෙටිකතා සංග්‍රහයට කෙටිකතා දොළහක් ඇතුළත් කර තිබේ. ඕනෑම අනුභූතියක් ස්වකීය පරිකල්පනය ඔස්සේ ඉතා ප්‍රශස්ත කෙටිකතාවක් බවට පත්කිරීමේ ශක්‍යතාවක් ඇති සුනන්ද වර්ණගල කෙටිකතා සංග්‍රහය සඳහා ද ජනජීවිතයට ඉතාමත් සමීප අනුභූතීන් 12ක් වස්තු විෂය කරගනී.

මෙම කෙටිකතාවල පවත්නා විශේෂත්වය වන්නේ තමාලත් අත්දැකීම සැකවින් ග්‍රහණය කරගනිමින් එහි ඇති සුවිශේෂිතා අපූර්වත්වයෙන් යුතුව ගෙනහැර දැක්වීමයි. එමෙන්ම අචේතනික වස්තුවක් වුව සචේතනිකත්වයට පත්කරමින් ඉතාමත් සංවේදීව එම අනුභූතිය පාඨකයා හමුවට ගෙනඒමට සුනන්ද සමත්ය. කෘතියේ පළමු කෙටිකතාව වන ගසක් හඬයි කෙටිකතාව ඔස්සේ සුවිසල් ගසකට අත්වන ඉරණම මෙන්ම ගස ඝාතනය කරන්නාගේ ස්වරෑපයත් එමෙන්ම ගස කපද්දී ගස විඳින වේදනාව මෙන්ම ගස කපන්නට සහය වන්නා සංවේදී වන ආකාරයත් මැනවින් ප්‍රතිනිර්මාණය කර තිබේ.

සුනන්දගේ කෙටිකතාවලට වස්තු විෂය වන්නේ ඔහුගේ ජීවිත ස්පර්ශයට ලක්වූ සියුම් සංසිද්ධීන්ය. විශේෂයෙන් ඔහු පය ගැසූ බිම්කඩවල් මෙන්ම ඔහු ඇසුරැ කළ මිනිසුන් ද මැනවින් ප්‍රතිනිර්මාණය කරන සුනන්ද ඔවුන්ගේ ජීවිත පතුළට කිඳා බැස ඔවුන්ගේ ගති පැවතුම් ගෙනහැර දක්වන්නේ ශූර මනෝ විද්‍යාඥයකු මෙනි.

අලුත් බිරිය, සොල්දාදුවා යන කෙටිකතා දෙක ගත්ත ද ඔහුගේ මෙම දස්කම මැනවින් අවබෝධ කරගත හැකිය. සොල්දාදුවකු විවාහ වූ පසු ඔහුගේ රුකියාවත් පවුල් දිවියත් අතර පවත්නා ස්වභාවය සුනන්ද ඉතා ළගන්නා සුළු අයුරින් නිර්මාණයට හසුකරගන්නා අතර අලුත් යුවළකගේ නව භාව විලාශයන් ඉතා මැනවින් ප්‍රතිනර්මාණය කිරීමට ද ඔහු දක්වන්නේ ශූරත්වයකි.

කෙටිකතා වූ කලී මටනම් සජීවී රමණීය චින්තාවකි. එය එක් සිද්ධියක් පදනම් වූ මිනිස් දිවිය විවරණය කරන සොඳුරැ සාහිත්‍යමය කාර්යයකි.* සිය කෙටිකතා කෘතියේ පූර්ව සටහන තබමින් සුනන්ද පවසන දෙය සත්‍ය වශයෙන්ම සාර්ථක වී ඇත.

- පාඨක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00