2017 මාර්තු 04 වන සෙනසුරාදා

මුළු සිරුරම රීකන්ඩිෂන් කරන Spa ceylon දෙපා සම්බාහනය

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

 

මෙදා සැරේ කෑමබීම පිරුණු තැනක් වෙනුවට  මම ගමන් කළේ සතුටත් සුවතාවයත් දෙකම කැටිකරගත් තැනකටයි. ඒ තමයි ස්පා සිලෝන්. ULTIMATE FOOT RITUAL නමින් හැඳින්වෙන දෙපා සම්බාහනයට මම වාඩිවුණු වෙලාවේ ශලින් බාලසූරිය මාත් එක්ක කතාකළා. අපේ අවශ්‍යතාව සේවාදායකයන්ට වින්දනීය ජීවන රටාවක් සහ ස්වභාවික සුවතාවයක් පිරිනැමීමයි ඔහු කිව්වා.

ඇත්තෙන්ම තමන්ගේ ආයුර්වේද සම්බාහන විධි ක්‍රම වගේම නව සොයාගැනීම්, වෘත්තීය මට්ටමේ කාර්ය මණ්ඩලය, ජාත්‍යන්තර මට්ටමේ බෙදාහැරැම් ජාලය ආදී ගොඩක් හේතු නිසා ස්පා සිලෝන් මගින් ඉතාමත් හොඳ සේවයක් ලැබෙනවා. 

2009 වසරේදී ආරම්භ වුණු ස්පා සිලෝන් මේ වනවිට ජාත්‍යන්තරය කරාත් ගමන්කර තිබෙනවා. තුර්කිය, ජපානය, රුසියාව, මැලේසියාව, කොරියාව, සිංගප්පූරුව, සීෂෙල්ස් ආදී රටවල්වලත් ස්පා සිලෝන් දැන් විවෘතයි.

මම මිනිත්තු 90ක පමණ කාලයක් දෙපාවලට හොඳ සම්බාහනයක් ලබාගත්තා. මුළු ඇඟටම ඒකෙන් ලැබුණේ නව ජවයක් කියන්න පුළුවන්. ඇඟට විතරක් නෙමේ මනසටත් ඒ සම්බාහනයේ සුවය හොඳින් දැනුණා. මේ සම්බාහනය ඇරඹෙන්නේ නළලේ සම්බාහනයක් සමඟයි. ඉන්පස්සේ කකුල් දෙක ඖෂධ ශාක, මල් වර්ග සහිත උණුසුම් ජල බඳුනක එබුවා. ටික වෙලාවකින් කකුල් දෙක තුවායකින් ඔතලා පිරිසිදු කෙරුණා.

ඉන්පස්සේ උණුසුම් කොට්ටයකුත් මගේ පසුපසට තබලා තමයි සම්බාහනය පටන් ගත්තේ. පැයකට වඩා කාලයක් යන මේ සම්බාහනයේදී කකුල් වගේම හිස, බෙල්ල සහ උරහිසත් සම්බාහනය කෙරෙනවා. 

සම්බාහනය සිදුකෙරන අතරවාරයේදී ස්පා සිලෝන් ආයුර්වේද තේ කෝප්පයක් වගේම දේශීය පළතුරැත් පිළිගැන්වෙනවා. අංගසම්පූර්ණ සම්බාහන අත්දැකීමක් මිනිත්තු 90කදී ලැබුණු ඒ අවස්ථාව නම් ඉතා කදිමයි. 

ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප - You're My Favorite