2019 ජුනි 15 වන සෙනසුරාදා

“සේරුව” අලුත්වී හැදුණු The lake hotel

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

Galle face group හී අදහසකට අනුව සුප්‍රසිද්ධ Ceylon hotel’s corporation හී දේපලක් වන සේරුව හෝටලය නව ප්‍රතිසංස්කරණවලින් අනතුරුව The lake නමින් නව මුහුණුවරකින් විවෘත වුණා. ඒ කුඩා ආගමික උත්සවයක් සමගින්. 

නූතන පහසුකම්වලින් පරිපූර්ණව සංචාරක ආකර්ශනය තවතවත් ඇදබැඳ තබාගනිමින් ‘four star plus’ හෝටලයක් ලෙසින්  නවීකරණය වූ The lake hotel පරාක්‍රම සමුද්‍රයේ අසිරිය විඳගන්න අපූරු තැනක්. එමෙන්ම කෑම බීමත් විශිෂ්ටයි. දේශීය විදේශීය සංචාරකයන්ට සැබවින්ම අපූරු නවාතැනක්. 

The lakeහී ලැගුම් ගන්න සංචාරකයන්ට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නරඹන්නත් සිද්ධස්ථාන වැඳපුදාගන්නත් අවස්ථාව හිමිවෙනවා. එමෙන්ම ජනප්‍රිය වස්ගමුව ජාතික උද්‍යානය, අංගමැඩිල්ල උද්‍යානය ආදී බොහෝතැන් දැකබලා ගන්නත් හැකියාව ලැබෙනවා.

කුරැල්ලන් නරඹන්න කැමති සංචාරයන්ට සුවිශේෂී නවාතැනක් තමයි The lake කියන්නෙ. ඒ වගේම පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටු සවාරි යන්න, මාළු බාන්න, අවට කැලෑවල ඇවිදින්න, ක්‍රියාදාම අත්දැකීම් ලබාගන්නත් ඔවුන් ඔබට පහසුකම් සලසනවා. සැබවින්ම The lake හී නව ස්වරෑපයත් සමඟ නවමු අත්දැකීමක් විදගන්න ඔබටත් පුළුවන්.

- සනත් වීරසූරිය
- සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00