2019 ජුනි 08 වන සෙනසුරාදා

Cafe At One එකේ රෝස් පාන් එක්ක අච්චාරු මරු

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

Platinum One Suite හී බිම් මහලේ පිහිටා ඇති Cafe At One කියන්නෙ ඕනෑම ආකාරයක ආහාර රසවිඳින්න පුළුවන් අවන්හලක්. උදේ දවල් රාත්‍රී ආහාර වේල් වගේම රසවත් අතුරුපස වර්ග, බීම වර්ග රසවිඳින්නත් ඔබට මෙහිදී පුළුවන්. Cafe At One කියන්නෙ සැපපහසු සුහදශීලි තැනක්. කාර්යබහුල දවසක වුණත් රසවත් ආහාර වේලක් ලබාගන්න මෙහිදී ඔබට හැකියි. දුරස්ථ භාවයකින් යුතු අවකාශ අලංකරණයකින් හැඩවුණු අවන්හලේ වෙනස්ම අපූර්වත්වයක් තියනවා.

විවිධාකාරයේ බීම වර්ග Cafe At One හීදී ඔබට ලබාගන්න පුළුවන්. Fresh Juice, Smoothies, Shakes, Tea and Coffe සහ cola වර්ග ඒ අතර තියෙනවා. කොහොම වුණත් මම තෝරගත්තෙ රසම රස Mangoa Smoothie එකක්.
ආහාර ගැන කතා කිරීමේදී විශාල තෝරාගැනීම් පරාසයක් ඔබට ලැබෙනවා. උදේ ආහාරය සඳහා කොළ කැඳ, රෝස්පාන්, කවුපි, කිරිබත්, රොටී වැනි දේශීය ආහාර වගේම සැහැල්ලු ආහාරයක් කැමති අයට නැවුම් පළතුරු පිඟානක් වුණත් ලබාගන්න පුළුවන්. ඒ වගේම Sandwiches, Wraps, Hotdogs, Pastries වගේ තෝරාගැනීමක් වුණත් කරන්න පුළුවන්. උණු උණු රෝස්පාන් එක්ක අච්චාරැවක් කියන්නෙත් මෙතන ජනප්‍රිය කෑමක්.

උදේ ආහාරයට තරම් විශාල තෝරාගැනීම් පරාසයක් නැති වුණත් Rice and Curry, Fried Rice, Nasi Goreng, Salads, Soup වගේම ගමේ කෑම රසට බත් එකක් වුණත් තෝරගන්න පුළුවන්.

විශේෂම දෙය තමයි ඔවුන් ඔබට රාත්‍රී ආහාරය එළිමහනේ සිට ගැනීමට පහසුකම් සැපයීම. Cafe එකෙන් පිටත වීදියක අයිනක ගන්න ආහාර වේලක් අපූරු අත්දැකීමක් වනු නියතයි. නමුත් අවාසනාවට අයහපත් කාලගුණය නිසා මට නම් ඒ අත්දැකීම ගිලිහී ගියා. රාත්‍රී ආහාරය සඳහාත් ඔබට කොත්තු, Mongolian Rice, රොටි, වඩේ වැනි තෝරාගැනීමක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පැවසිය යුතු දෙයක් තමයි රසයන් වගේම තත්ත්වයෙන් ඉහළ කොත්තු තමයි Cafe At One හී තියෙන්නෙ. අතුරුපස සඳහාත් Cupcake, Cheesecake, Donuts, Fruitcake, Chocolates, Eclairs වැනි තෝරාගැනීම් රාශියක් ඔබ සතුයි.

අවසානයේ සැකයකින් තොරව කියන්න පුළුවන් දේශීය අමුද්‍රව්‍ය බහුල වශයෙන් භාවිත කරන Cafe At One කියන්න රසවත් වගේම ගුණාත්මකම ආහාර වේලකට අපූරු තැනක්.

life.lk

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00