2019 ජුනි 08 වන සෙනසුරාදා

නැගෙනහිරට යනවා නම් උප්පුවේලි වෙරළ අමතක කරන්න එපා!

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

උප්පුවේලි වෙරළ තීරය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටලා තිබෙන සුන්දර වෙරළ තීරයක්. ත්‍රිකුණාමලය වෙරළ තීරයටත් වඩා අමුතු ස්වභාවික සුන්දරත්වයක් මේ වෙරළ තීරයේ තිබෙනවා. නාගරික පරිසරයක් මිදිලා දුරින් පිහිටලා තිබෙන නිසා මේ වෙරළ තීරයේ හුදෙකලා ගතිය, නිස්කලංක බව වැඩියි. ඒ වගේ වෙරළ තීරයක් හොයාගෙන යන කෙනෙක්ට මෙතැන සුදුසුම ස්ථානයක්. ඒ විතරක් නෙවෙයි, දිය නෑමට ප්‍රවේසම් සහගත තැන් වුණත් උප්පුවේලි මුහුදු තීරයේ තිබෙනවා. 

උප්පුවේලි වෙරළ තීරයේ ඇති පුළුල් දර්ශන පථය මෙහි එන කාගෙත් ආකර්ෂණයට හේතුවක්. වැඩි විස්තර කියනවා නම් නොගැඹුරු මුහුදත් මීටර 25ක් විතර දුරට විහිදෙන නිසා ජල ක්‍රීඩාවලටත් කදිම ස්ථානයක්. අගෝස්තු, ඔක්තෝබර් කාලවලට සර්ෆින්ග් ක්‍රීඩාව කරන්නත් පුළුවන්ලු.

නිලාවේලි මුහුදු තීරයෙන් පිටත්වෙලා දකුණට යද්දී තමයි ඔබට ඒ උප්පුවේලි මුහුදු තීරය හම්බ වෙන්නේ. නිලාවේලි ආරැගම්බේ වගේ විශාල ප්‍රසිද්ධියක් නම් මේ වෙරළට නෑ. ඒ වුණාට සුන්දරත්වයෙනුත් අඩුවක් නෑ. රාත්‍රිය ගත කරන්නට නිලාවේලි වගේම උප්පුවේලි මුහුදු තීරයද පරාදීසයක් කියලා කියැවෙනවා. ඔන්න නැගෙනහිර සංචාරයකට යනවා නම් උප්පුවේලි යන්න අමතක කරන්න එපා.

සටහන සේයාරූ - අන්තර්ජාල ඇසුරින්