2019 මැයි 25 වන සෙනසුරාදා

මැණික් මතුවන කාලයක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ තමාට මිත්‍ර රාශි භවනක් වූ වෘෂභ රාශියට 2019 මැයි මස 18 වැනි ශනි දින පිවිසේ. මෙසේ පිවිසෙන බුධ රවිට අයත් කැති නැකතේ දෙවැනි තුන්වැනි හතරවැනි පාදවලත් සඳුට අයත් රෙහෙන නැකත් සම්පූර්ණවත් අඟහරුට අයත් මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් ගමන් කරනු ඇත. මෙම ගමන 2019 ජුනි මස 2වැනි ඉරු දින දක්වා සිදුවීමට නියමිතය.

මේ තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රාජ්‍ය නායකයන් විදේශීය රටවල් සමඟ සම්බන්ධතා ඇති කරගැනීම සඳහා විදේශ සංචාරවල නිරත වන කාලයක් වන අතර විදේශීය උදව් මෙන්ම විදේශීය ආරක්ෂක උපක්‍රම සේවාවන් ද අප රටට අත්වන කාලයකි. ව්‍යාපාරික කටයුතු සම්බන්ධව යම් යම් නීති ඇතිවන අතර භූමියෙන් වටිනා සම්පත් හා මැණික් මතුවන කාලයක් ද වනු ඇත. කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතා උනන්දුව ඇති වුවද කෘෂි භෝග සඳහා හානිවීම් ද වාර්තා වන කාලයක් වේ.

විදේශීය වශයෙන් සලකා බැලීමේදී කාන්තා ශුභ සිද්ධිය උදෙසා කටයුතු කරන වකවානුවක් වන අතර යම්කිසි නිර්මාණයක් වෙනුවෙන් නීතිමය ප්‍රශ්නයක් ද ඇතිවනු ඇත. සාහිත්‍යවේදීන්ට ළමා හා තරුණ කොටස්වල අයට මාරක වැඩි කාලයකි. යම් යම් රාජ්‍යයන් මෙම වකවානු තුළ පවත්වන මැතිවරණවලින් පරාජය වන අතර වෙනත් බලවේග ඉදිරියටත් ඇතිවීමට ඉඩ සැලසේ. නවීන සොයාගැනීම් ද බහුල ලෙස සිදුවන කාලයක් වනු ඇත.

මීළඟට ඔබට

මේෂ - අධ්‍යාපනයට හොඳයි

යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ලබන කාලයක් වේ. තම වචනයේ බලයෙන් අන් අය නම්මවා ගතහැකි වකවානුවකි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත.

වෘෂභ - හදිසි ධන ලාභ

තරමක් කේන්ති ගති ඇති වන කාලයක් වන අතර හදිසි ධන ලාභ හිමිවේ. අතමිට මුදල් ගැවසෙන කාලයක් වේ. නිවසේ අලුත්වැඩියාවක් කිරීමටත් නව දේපලක් මිලදී ගැනීමටත් යහපත් සතියකි.

මිථුන - සතුරු බලවේග

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇති වන කාලයක් වනු ඇත. ඔබට එරෙහි සතුරු බලවේග ඇති වන අතර ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන කාල සීමාවක් ද වේ.

කටක - භූමියෙන් ඵල

විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීම සුදුසු නොවන කාලයක් වේ. භූමිය  ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර පතල් කටයුතුවල නිරත අයට වටිනා මැණික් හමුවන වකවානුවකි.

සිංහ - අලුත් රැකියා

තම මතයට කටයුතු කරමින් කාර්යයන් රැසක් සාර්ථක බවට පත්කර ගත හැකි කාලයක් වේ. නව රැකියාවක් අපේක්ෂා කළ අයගේ ද බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර උසස්වීම් ද ලබාගත හැකි වකවානුවකි.

කන්‍යා - නව නිර්මාණ

යහලත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතු වන නිරත අයට ද ශුභ ඵල ගෙනෙන කාලයක් වේ. සන්නිවේදන හා ලේඛන කටයුතුවල නිරත අයට ද යහපත් වන අතර නව නිර්මාණ බිහි කිරීමට ද හැකියාව ලැබේ.

තුලා - අසනීප අඩු වේ

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇති වන අතර ඔබ යම්කිසි ආකාරයක ශරීර පීඩාවකින් සිටියේ ද එම අසනීප ගති මඟහැරී යන කාලයක් වේ. හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර ඔබට අත්වනු ඇත.

වෘශ්චික - කාලත්‍රයාට පීඩා

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින ඔබට ඉතා යහපත් වූ ඵල අත්වන සමයකි. ඔබගේ කාලාත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක් බැවින් අවධානයෙන් සිටිය යුතුය.

ධනු - ස්ථාන මාරුවීම්

සේවා ස්ථානයෙන් මාරුවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගත හැකි වකවානුවකි. ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධාවන් ඇති කරන කාලයක් ද වේ. ස්නායු පීඩා ඇති වේ.

මකර - මිතුරන්ගෙන් උදව්

යහපත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වනු ඇත. හිත මිතුරන්ගේ උදව් නිරන්තරයෙන් ලැබෙන කාලයක් ද වේ. හවුල් කටයුතු ආරම්භයට ද ශුභ වේ. 

කුම්භ - නව දේපල

ඔබට ද යහපත් වන අතර නව දේපලක් මිලදී ගැනීමට ද ශූභ වනු ඇත. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යන අතර සිතේ සතුට ඇතිවන කාලයකි.

මීන - උනන්දුව වැඩි වේ.

පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ලේඛන කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහි කිරීමට හැකිවනු ඇත. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන අතර ඔබගේ උත්සාහයෙන් කටයුතු රැසක් සාර්ථක කරගන්නාවූත් කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00